දේශීය පුවත්

අමෙරිකා එක්සත් ජනපදය තුල පෙට්‍රල් මිල ඊයේ(10) දිනයේදී සාමාන්‍යයෙන් ගැලුමකට ඩොලර් 5 කට වඩා වැඩි වූ අගයක් ගත් අතර , එය මෙතෙක් අමෙරිකා එක්සත් ජනපදය තුළ වාර්තා වූ ඉහළම පෙට්‍රල් මිල බව , ඇමරිකානු ඔටෝමොබයිල් සංගමය පවසයි.

අමෙරිකාවේ ලාභ නොලබන ආයතනයක් වන ඇමරිකානු ඔටෝමොබයිල් සංගමයට අනුව, රට පුරා ඉන්ධන පිරවුම්හල් 60,000කට වඩා වැඩි ගණනක මිල ගණන් ඔවුන් විසින් නිරීක්ෂණය කරනු ලබයි. සාමාන්‍ය ඊයම් රහිත ගෑස් සඳහා ජාතික සාමාන්‍ය මිල ජූනි 10 දින ගැලුමකට ඩොලර් 4.986 සිට ජූනි 11 දින ගැලුමකට ඩොලර් 5.004 දක්වා ඉහළ ගියේය.පෙට්‍රොල් ගැලුමකට ඉහළම මිල ගණන් සාම්ප්‍රදායිකව වාර්තා වී ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වන අතර එය ගැලුමකට ඩොලර් 6.43 දක්වා සහ පෙට්‍රොල් ගැලුමක් සඳහා අඩුම මිල ජෝර්ජියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ අතර එය ගැලුමකට ඩොලර් 4.46 ක් ලෙස වාර්තා විය.

2021 ජනවාරි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අමෙරිකාවේ ජනාධිපතිවරයා බවට පත් වූ පසු එක්සත් ජනපදයේ ඉන්ධන මිල දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව දත්ත පෙන්වා දෙයි. 2021 ජනවාරි මාසයේදී අමෙරිකා පෙට්‍රල් ගැලුමක සාමාන්‍යය මිළ ඩොලර් 2.39 ක් වැනි අගයක පැවතුණි.

අමෙරිකා එක්සත් ජනපදයේ උද්ධමනය දශක හතරක් තුළ ඉහලම මට්ටමට ළඟා වී ඇති අතර ඉහල යන මිල ගණන් මැඩපැවැත්වීමට බයිඩන් පරිපාලනය ප්‍රතිඥා දී අත. අමෙරිකානු ආණ්ඩුව එක්සත් ජනපදය තුළ තිබෙන උපායමාර්ගික ඉන්ධන සංචිත වලින් වාර්තාගත විශාල බැරල් ප්‍රමානයක් නිකුත් කිරීමට නියෝග කර ඇත. මේ වන විට අමෙරිකාව ගිම්හාන සෘතුවේදී එතනෝල් මිශ්‍ර පෙට්‍රල් විකිණීම තහනම් කිරීමේ නීතියද අත්හිටුවීමට කටයුතු කර ඇත. එලෙසම අමෙරිකානු එක්සත් ජනපදය ඔපෙක් සංවිධානයේ  ප්‍රධාන   රටවලට ඛනිජ තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරන ලෙසද බලපෑම් කර ඇත.

කෙසේ වෙතත්, රුසියානු තෙල් සඳහා අමෙරිකා එක්සත් ජනපදය පනවා ඇති සම්බාධක ඇතුළුව, පශ්චාත්-කොවිඩ් වසංගත ඉල්ලුම සහ රුසියාවට එරෙහිව යුක්රේනය සම්බන්ධ සම්බාධක පැනවීම හමුවේ බයිඩන් පරිපාලනය ගන්නා සියලුම උත්සහාහයන් මේ වන විට නිෂ්ඵල වී ඇති බව අමෙරිකානු මාධ්‍ය පවසයි. පසුගිය වසර දෙක තුළ අමෙරිකාවේ තිබෙන තෙල් පිරිපහදු වලින් අවම වශයෙන් පිරිපහදු පහක් වසා දමා ඇති බව වාර්තා වේ. එක්සත් ජනපදයේ ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ ධාරිතාවය පහත වැටීමට කොවිඩ් වසංගතයෙන් ඇත්වූ බලපෑමද අමෙරිකාව තුළ ඛනිජ මිල ඉහළ යාමට හේතු වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More