ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායක රාහුල් ගාන්ධි, ශ්‍රී ලංකාවේ විදුලිබල ව්‍යාපෘතියකට මැදිහත් වූ බව කියන මෝදි රජයට එරෙහිව ඊයේ(12) දැඩි විවේචනයක් එල්ල කළේය.
ගාන්ධි සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ, “භාරතීය ජනතා පක්ෂයේ ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇත” යනුවෙනුයි.
ගෞතම් අදානිගේ කණ්ඩායමට සුළං බල ව්‍යාපෘතිය ලබා දෙන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට පැවසූ බවට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා චෝදනා කළ වාර්තාවක්ද රාහුල් ගාන්ධි මහතා ඔහුගේ ට්විටර් පණිවිඩයට එක්කර තිබුණි.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා සිකුරාදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ඉදිරියේ මෙම චෝදනා ඉදිරිපත් කළ නමුත් ඔහු “චිත්තවේගීය” වූ බව පවසමින් ඉක්මනින් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තේය.
ඔහුගේ චෝදනාවන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට පවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “මන්නාරමේ සුළං විදුලි ව්‍යාපෘතියක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටු විභාගයේදී ලංවිම සභාපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්, මෙම ව්‍යාපෘතිය කිසියම් නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට ප්‍රදානය කිරීමට අවසර දීම මම තරයේ ප්‍රතික්ෂේප කරමි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු සන්නිවේදනයක් අනුගමනය කරනු ඇතැයි මම විශ්වාස කරමි.
මතභේදයට තුඩු දී ඇත්තේ ශ්‍රී ලංකා රජය බලශක්ති ව්‍යාපෘති සඳහා තරඟකාරී ලංසු තැබීම ඉවත් කර එහි විදුලි නීතිය සංශෝධනය කිරීමෙන් දින කිහිපයකට පසුවය.
විදුලි බල පනත සංශෝධනය සඳහා පැවැති පාර්ලිමේන්තු විවාදයේදී ආණ්ඩුව ගත් පියවර විවේචනය කරමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, අදානි ගෘප් වැනි ව්‍යාපෘති සඳහා “මාර්ග සෑදීමට” තරඟකාරී ලංසු තැබීම ඉවත් කරන බවට කනස්සල්ලක් මතු කර තිබුණි.
(ඉන්දීය ප්‍රවෘත්ති වාර්තා ඇසුරෙන්)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...