ස්විට්සර්ලන්තයේ ගුවන් ගමන් පාලන පද්ධතියේ ඇත්වූ දෝෂයක් හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස අද උදය වරුවේ පැය කිහිපයක් ගුවන් තොරතුරු කලාපය වසා දැමීමට කටයුතු කළේය.
“මෙම ගුවන් තොරතුරු කළාපය වසා දැමීම නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වේ,” ගුවන් ගමනාගමන පාලන සේවාව වන ස්කයිගයිඩ් අද උදෑසන පැවසූ අතර “තාක්ෂණික දෝෂය” නිවැරදි කිරීමට කටයුතු කරමින් සිටින බවද පවසා සිටියේය.
මෙම පියවර හේතුවෙන් ස්විට්සර්ලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපලවල් වන සූරිච් සහ ජිනීවා ගුවන් තොටුපලවල් අකර්මණ්‍ය කර ඇති අතර ඒවායෙහි සියලු ගොඩබෑම් සහ ගුවන්ගත කිරීම් නතර කර දැමීමටද කටයුතු කර ඇත.
සූරිච් ගුවන්තොටුපළ බල්ධාරින් පැවසුවේ මගීන්ට ඇතුළුවීමට අවසර දී ඇති අතර පරීක්ෂා කිරීම් සිදුවෙමින් පවතින නමුත් ගුව්න් යානා ගොඩබෑම අත්හිටුවා ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...