ඥානසාර හාමුදුරුවන්ට දුන් උසාවි නියෝගය එක්ක මෙතෙක් අවධානයට ලක් නොවූ එක් වැදගත් කාරණාවක් ඉස්මතු වුණා. ඒ තමයි භික්ෂූන්ගේ සිවුර ගැලවීමේ අයිතිය සුද්දගේ නීතියට යටත් කළයුතුද යන්නයි. හුදෙක් මෙය ඥානසාර හිමියන්ට පමණක් ලඝු වූ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසාම බෞද්ධයින් බොහෝ පිරිසක් ඒ බෞද්ධ උරුමය රැකගැනීම වෙනුවෙන් පෙනී හිටියා. භික්ෂුන්ට ජම්පරය ඇන්ඳීමට විරුද්ධව කතා කළා. ඥානසාර හිමියන්ගේ චර්යාවට එකග නැති, එය අනුමත නොකරන, දැනට කිසිම පයිරුපසානමක් නැති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි වැනි යතිවරු පවා ඥානසාර හිමියන් වෙනුවෙන් මැදිහත් වූයේ මේ භික්ෂු උරුමය ආරක්ෂා කරදීම වෙනුවෙනි.
මීට පෙර සතර පරාජිකාවලට හසුනොවූ වැරදිවලට සිරගතව ජම්පරය අදින්නට සිදු වූ භික්ෂුන් සිටින්නට ඇතත් මේ සංවාදය කරළියට ආවේ ඥානසාර හිමියන්ගේ සිද්ධිය හරහාය. එනිසා සුද්දගේ නීතිය බෞද්ධ සම්ප්‍රදාය එක්ක නොගැටෙන පරිදි බන්ධනාගාර පනත වෙනස් කර ගැනීමට බලපෑමක් කිරීමට හොඳම අවස්ථාවක් නිර්මාණය වී තිබිණි. එහෙත් බොදුබල සේනාව කලේ සුද්දගේ නීතියෙන් යටකළ භික්ෂු උරුමය දිනා ගැනීම වෙනුවට ඥානසාර හිමියන් නිදහස් කර ගැනීමේ ව්‍යාජ සටනකට මුල පිරීමයි. එසේ නොකළ යුතු යැයි මෙහි අදහස නොවේ.
සැබෑ ජයග්‍රහණය ඇත්තේ උන්වහන්සේ ඇප ලබා එළියට පැමිණීම තුළ නොව බන්ධනාගාර පණත වෙනස් කර ගැනීම තුළයි. භික්ෂුවගේ උරුමය සුද්දගේ නීතියෙන් ගලවා ගැනීම තුළයි. ඒ සඳහා ඔවුන්ට උවමනාවක්ද නොතිබුණි. ඔවුන්ට උවමනා වුයේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීමේ සටන ජාතිය දිනා ගත් පොදු ජයග්‍රහණයක් කර ගන්නවා වෙනුවට හුළං බැසගිය බොදු බලසේනාවට දේශපාලනිකව හුළං ගසා ගැනීමේ ලඝු බලාපොරොත්තුවකි. ඥානසාර හිමියන් වෙනුවෙන් කොළඹට ඇදුන පා ගමන්, පොල් ගැසීම් ආදියේ තැවරී තිබුණේ ඒ දේශපාලන වර්ණය විනා භික්ෂු උරුමය දිනා ගන්නා ජාතික අභිලාශයක් නොවේ.
එය කළ හැකිව තිබුණකි. නව ව්‍යවස්ථා අනතුර මහා සංඝරත්නයේ විරුද්ධවයෙන් අකුලා ගැනීමට සැලැස්සුවා සේ ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නයේ විරෝධය භික්ෂුන්ට ජම්පර් ඇන්දවීමටත් එරෙහිව ගොනු කරණු ලැබුවේ නම් අනිවාර්යෙන්ම ආණ්ඩුවට ඒ පිලිබඳ පියවරක් ගැනීමට සිදුවනු ඇති. වෙනත් කාරණාවකට වඩා ඥානසාර හිමියන්ට සිර දඩුවම් දුන් නිමිත්තද භික්ෂුන් වහන්සේලාගේ මෙන්ම බෞද්ධ ජනයා එකතු කර ගැනීමට තිබුණු ස්වර්ණමය අවස්ථාවක්. මන්ද උන්වහන්සේ සිරගත වුයේ යුද්ධයේ දී හමුදාව රසායනික අවි භාවිත කළේ යැයි රටම පාවා දුන් කතකට බැන වැදීමෙනි.
බොදු බල සේනාවේ වෙනත් වැඩ ගැන කතා නොකරන අය පවා මේ අවස්ථාවේ එකතු කර ගැනීමේ හැකියාව තිබුණී. ඒ අර වාරියපොළ සුමංගල හිමි කුඩාපොළ හිමි ආදී අතීත යතිවරුන්ට මෙන් භික්ෂුන්ට සිවුරෙන්ම දඩුවම් විදීමේ අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. නමුත් මේ බලසේනාවලට තිබුණේ එවන් අරමුණක් වෙනුවෙන් සටනක් නොවේ. දැන්වත් මේ බලසේනා බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව,රට ජාතිය ගැන හැගීම පික්පොකැට් ගසා කෙළින සූදුව නතර කළ යුතුයි. ඔවුන් මේ නැත්තටම නැති කරමින් තිබෙන්නේ සැබෑ ජාතික ව්‍යාපාරයකට අනාගතේ හෝ මේ පොළවේ පැලවෙන්න තිබෙන අවකාශයයි. එයින් වෙන්නේ ජාතිකත්වය තව තවත් අගාධයකට යාමයි. මෙවන් සුළු ජයග්‍රහණයක් පවා තම භික්ෂු සංඝයාම වෙනුවෙන් දිනා ගැනීමට නොහැකි / උනන්දුවක් නැති සංවිධානයකකින් ඊට වැඩි දෙයක් ජාතියට දිනාගත හැකි යයි බලාපොරොත්තු තබාගෙන මේවා පසුපස යන තරුණ තරුණියන් දැන්වත් ඔවුන් මේ කරමින් ඉන්නේ කුමක් දැයි තේරුම් ගන්න.
රත්තනදෙණියේ මේධානන්ද හිමි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...