එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා ඊයේ(26) සීඑන්එන් පුවත් සේවය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, රුසියානු රත්‍රං අපනයන තහනම මගින් රුසියානු ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් බිලියන 19 ක් පමණ වන ආදායමක් අහිමි වනු ඇති බවයි.කෙසේ වුවද, මෙතෙක් අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහිව පැනවූ විවිධ සම්බාධක මගින් රුසියානු ආර්ථිකයට හානියක් කිරීමට ඔවුන් අසමත් වීම සම්බන්ධයෙන් පීඩනයට පත් වී සිටින බ්ලින්කන් සී එන් එන් පුවත් සේවය වෙත අනාවැකි පළ කරමින් පවසා සිටියේ එහි ප්‍රතිවිපාක ලබන වසරේදී දැකිය හැකි බවයි.
බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශයකට අනුව එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව සහ ජපානය , ජර්මනියේ පැවැත්වෙන G7 නායකයින්ගේ සමුළුව අතරතුර රුසියානු රත්‍රං ආනයනය තහනම් කරන බව ඊයේ(26) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
රත්‍රං යනු ” පෙට්‍රොලියම් නිෂ්පාදන සහ ස්වභාවික වායු වලින් පසුව රුසියාව සතුව ඇති දෙවන වඩාත්ම ලාභදායී අපනයන භාන්ඩයයි.” බ්ලින්කන් සී එන් එන් මාධ්‍යයවේදී ජේක් ටේපර් වෙත පැවසුවේය. “එය වසරකට ඩොලර් බිලියන 19 ක් පමණ වන අතර එයින් වැඩි ප්‍රමාණයක් G7හි සාමාජික රටවල් වලට අපනයනය කරයි. G7 කණ්ඩායම රත්‍රං ආනයන කපා හැරීම, වසරකට ඩොලර් බිලියන 19 ක පමණ ආදායමක් රුසියාවට අහිමි කරනු ලබනවා.එම ක්‍රියාව ඉතා වැදගත්”.
බ්ලින්කන්ගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි කරුණු මත පදනම්ව ප්‍රකාශ කරන ලද්දකි. රුසියානු ආර්ථිකයේ දෙවන වටිනාම අපනයන කාණ්ඩය ආහාර වේ. මොස්කව් වලට අනුව ඔවුන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදනවල විදේශීය විකුණුම් 2021 දී ඩොලර් බිලියන 37 කට වඩා වැඩි විය.
කෙසේ වුවද G7 සමුළුවේ අනෙකුත් සාමාජික රටවල් තහනමට අත්සන් කරයිද යන්න තවමත් අපැහැදිලි ය. යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මිචෙල් ඉරිදා ප්‍රකාශ කළේ, ” යුරෝපා සංගමය ප්‍රථමයෙන් තීරණය කළ යුත්තේ රුසියානු රත්‍රං ආනයනයට සම්බාධක පැණවීම ඉලක්ක කර ගත හැකි ආකාරයට කළ හැකිද යන්නයි.තහනම රුසියානු ආර්ථිකය ඉලක්ක කරනවා මිස අපවම ඉලක්ක කර ගන්නා ආකාරයෙන් සිදු නොවිය යුතුයි.”
මේ අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ රත්‍රං තහනම මගින් “රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට පෙර නොවූ විරූ පීඩනයක් පනවනු ඇති” බවයි. තහනම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේ, එය “පුටින්ගේ යුද යන්ත්‍රයේ හදවතටම පහර දෙන” බවයි.
කෙසේ වෙතත්,G7 කණ්ඩායමේ රටවල් සහ ඔවුන්ගේ යුරෝපා සංගමයේ සහචරයින් විසින් රුසියාවට පනවන ලද බහුවිධ සම්බාධක සම්බන්ධයෙන් නායකයන් දෙදෙනාම කරුණු දැක්වූහ. රුසියානු ආර්ථිකයේ “ගැඹුරු ආවාට” ඇති කරන බවට අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය මාර්තු මාසයේදී දැඩි ලෙස ප්‍රකාශ කළ අතර , මොස්කව් පාලනය ඛනිජ තෙල් හා ගෑස් අලෙවියෙන් වාර්තාගත ලාභයක් සනිටුහන් කළ අතර රුසියානු රූබලය ඩොලරය සහ යුරෝව යන මුදල් ඒකක දෙකට සාපේක්ෂව පසුගිය වසර හත තුළ වාර්තා කළ ඉහලම අගය වාර්තා කිරීමට මේ වන විට සමත්ව තිබේ.
මේ අතර, යුරෝපා සංගමයේ සහ එක්සත් ජනපදයේ වසර 40ක ඉතිහාසය තුළ වාර්තා කළ ඉහළම අගයට ලඟා වූයේය. අත්ලාන්තික් සාගරයේ දෙපස රටවල වෙසෙන පාරිභෝගිකයින් වාර්තාගත ඉහළ ඉන්ධන මිල ගණන් මේ වන විට ගෙවමින් සිටී. පසුගිය මාසයේදි යුරෝපා සංගමය රුසියානු තෙල් තහනමකට එකඟ වුවද, පසුගිය මාස දෙක තුළ යුරෝපා සංගමය ඉතිහාසයේ වෙනත් කිසිදු අවස්ථාවකට වඩා මේ වන විට රුසියානු බොරතෙල් ආනයනය කරන බව වාර්තා වේ.
යුරෝපා සංගමය රුසියානු පොසිල ඉන්ධන තහනමට ලක් කළ අවස්ථාවේදී රුසියාව කටයුතු කළ ආකාරයටම තවමත් රුසියානු රත්‍රං පිරිපහදු කරන්නන්ටම විකිණීමට හෝ චීනයේ, ඉන්දියාවේ හෝ මැද පෙරදිග කලාපයේ නව ගැනුම්කරුවන් සෙවීම හෝ යන විකල්පයන් විවෘතව ඇත.
“රුසියාවට එරෙහි බටහිර සම්බාධක විසින් රුසියානු ආර්ථිකය විනාශ කරන බව එක්සත් ජනපදය ප්‍රකාශ කළ නමුත් එය සිදු වන බවක් නොපෙනේ. මෙම සම්බාධක බටහිර රටවල් සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් පොරොන්දු වූ බලපෑම ඇති කිරීමට පටන් ගන්නේ කවදාද? ” යනුවෙන් සී එන් එන් මාධ්‍යවේදී ටැපර් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කෙන්ගෙන් ප්‍රශ්න කළේය.
“ රුසියාවට එරෙහිව පෙර නොවූ විරූ සම්බාධක සහ අපනයන පාලනයන් පැනවීමේදී අප ආරම්භයේ සිටම කර ඇති සෑම දෙයක්ම රුසියාවට ප්‍රබල බලපෑමක් ඇති කර තිබෙනවා,” බ්ලින්කන් පිළිතුරු දෙමින් කියා සිටියේය. රුසියාවට දැන් “ඔවුන්ගේ ආරක්ෂක අංශ නවීකරණය කිරීමට අවශ්‍ය දේ අත්පත් කර ගත නොහැකියි. රුසියාවේ බලශක්ති ගවේෂණය නවීකරණය කිරීම සඳහා එහි තාක්ෂණය නවීකරණය කිරීමට අවශ්‍යය ප්‍රාග්ධනය සොයාගත නොහැකියි.”
ජූනි මස මුලදී බයිඩෙන් ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛනම උපුටා දක්වමින් “ලබන වසරේ රුසියානු ආර්ථිකය 8-15% කින් හැකිලෙනු ඇතැයි දැනටමත් පුරෝකථයන්ගෙන් අපට පෙනේ,” යනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කළේ නම් සඳන් නොකළ “විශේෂඥයින්” උපුටා දක්වමිනි.
උපුටා ගැනීම
පරිවර්තනය: ජීවන්ත ජයතිස්ස
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...