දේශීය පුවත්

කොටි පවුල්වලට වන්දි ගෙවීමට පෙර ත්‍රස්‌තවාදයෙන් බැට කෑ උතුරෙන් පැන්නූ සිංහලයන්ට වන්දි ගෙවා නැවත පදිංචි කෙරිය යුතු යෑයි අවතැන් වූ උතුරේ සිංහලයන්ගේ එකමුතුවේ කැඳවුම්කරු නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය. පසුගිය (21) වැනිදා කොළඹ මහජන පුස්‌තකාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය. අවතැන් වූ උතුරු හා නැගෙනහිර සිංහලයන්ගේ එකමුතුව මගින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

වර්ණසිංහ මහතා මෙසේද සඳහන් කළේය. පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී. ඇම්. ස්‌වාමිනාදන් මහතා එල්. ටී. ටී. සංවිධානයේ මිය ගිය සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට වන්දි ගෙවීම සඳහා තෙවැනි වරටත් කැබිනට්‌ පත්‍රිකාවක්‌ අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කරලා. කැබිනට්‌ මණ්‌ඩලය තුළ ඊට එල්ල වූ විරෝධය නිසා එය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. තිස්‌වසරක යුද්ධයෙන් බැට කා ජීවිත දේපළ අහිමි වූ අවතැන් ජනතාවගේ දුක සැප වේදනාව සොයා බැලීමට සංවේදී නොවූ මෙම ඇමැතිවරයාට සහ එම අමාත්‍යාංශයට හදිසියේම කරුණාව පහළ වූයේ කෙසේද? යුද්ධය නිසා බැට කා අසරණව සිටින ලක්‍ෂ ගණනක්‌ අහිංසක මිනිසුන් සිටියදී එල්. ටී. ටී. ඊ. සංවිධානයේ මියගිය සාමාජිකයන්ට දීමනා දෙන්නට හා සහන සලසන්නට යෝජනා කරන්නේ අනාගත දේශපාලන වාසි හා ඡන්ද කුට්‌ටි බලා ගෙන ද යන්න පිළිබඳ සාධාරණ සැකයක්‌ අපට මතු වෙනවා.

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සිටි සාමාජිකයන් සැනසීමට යැම සහජීවනය නොවෙයි. උතුරෙන් පළවා හැරී සිංහල ජනතාව කොතරම් ප්‍රමාණයක්‌ නැවත පදිංචි කර ඇද්දැයි අපි ඇමැතිවරයාගෙන් විමසා සිටින්නේ දැනට නාවක්‌කුලි හා නරිකාඩු ගම්මානවල පදිංචි වී සිටින සිංහල ජනතාවට අවම මූලික පහසුකම් හෝ ලබා දෙන්නට එම අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කර නොමැති නිසාය. අපේ රණවිරුවන් ජීවිත පරිත්‍යාග කර නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා ජීවත්වීමේ අයිතිය ස්‌ථාපිත කිරීම හරහා දැනටමත් විශාල වන්දියක්‌ දෙමළ ජනතාවට ගෙවා තිබෙනවා. එහෙයින් පළමුව කළ යුත්තේ උතුරෙන් පළවාහැරී සිංහල ජනතාව නැවත පහසුකම් සහිතව උතුරේ පදිංචි කරවීම බව අපි අවධාරණය කරනවා.

මෙහිදී අදහස්‌ දැක්‌ වූ අවතැන් වූ උතුරේ සිංහලයන්ගේ එකමුතුවේ සම්බන්ධීකාරක තරිඳු දිලීප ගමගේ මහතා – උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමේ වාර්තාව පදනම් කරගෙන ඩී. එම්. ස්‌වාමීනාදන් ඇමැතිවරයා ගෙනැවිත් තිබෙන කැබිනට්‌ යෝජනාව වැරදි යෝජනාවක්‌. හේතුව උගත් පාඩම් කොමිසම ද කටයුතු කළේ තමන්ට ලබා දුන් වපසරිය ඉක්‌මවා යමින්. එම වාර්තාව පවා අපි පිළිගන්න සූදානම් නෑ. එසේ තිබිය දී එම වාර්තා පදනම් කරගෙන තෙවරක්‌ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයන් සැනසීමට යෝජනා ගෙන ඒම විශාල වරදක්‌. මේ ආණ්‌ඩුව අවස්‌ථා කිහිපයක දීම සිංහල සමාජය රිද්දන ආකාරයේ යෝජනා කිහිපයක්‌ ගෙන ආවා. යහපාලනය, සංහිඳියාව කියන වචනවලට මුවා වී සිංහල සමාජයේ ඉවසීම පරීක්‍ෂා නොකරන ලෙස අපි ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ ඉවසීම කියන්නේ නිවටකමක්‌ නොවන බව මෙවැනි යෝජනා ගෙන එන ආණ්‌ඩුවේ ඇමැතිවරුන් දැනගත යුතුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More