දේශීය පුවත්

රුසියාව සහ යුක්රේනය ඊයේ(29) යුද සිරකරුවන් හුවමාරු කරගැනීමේ වැඩසටහනක් දියත් කළ බව විදෙස් මාධ්‍යය වාර්තා පවසයි. මෙම යුද සිරකරු හුවමාරුව රුසියාව සහ යුක්‍රේනය අතර සිදුවෙමින් පවතින ගැටුමේ ආරම්භයේ සිට මෙතෙක් සිදු වූ විශාලතම යුද සිරකරු හුවමාරුව බවට පත්ව ඇති පවසන විදෙස් වාර්තා , එක් එක් පාර්ශ්වයෙන්ස යටත් වූ සොල්දාදුවන් 144 දෙනෙකු හුවමාරු කර ගැනීමට නියමිත බවද පැවසේ.

මෙම කණ්ඩායමට කුප්‍රකට අසෝව් රෙජිමේන්තුවේ සටන්කරුවන් 43 දෙනෙකු ඇතුළත් වූ බව යුක්රේනයේ හමුදා බුද්ධි අංශ සඳහන් කළේය. නව-නාසි ඒකකයේ සටන්කරුවන් සියගණනක් මරියුපෝල් නගරයේ ඇසොව්ස්ටල් වානේ කම්හලේදී යටත් වීමෙන් පසු රුසියාවේ අත්අඩංගුවේ පසුවන බව රුසියානු ආරක්ෂක හමුදා මීට පෙර අනාවරණය කළේය.

මොස්කව් පාලනය මේ දක්වා යුද සිරකරුවන් හුවමාරුව සම්බන්ධයෙන් නිහඬව සිටියද, ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ ප්‍රධානියා වන ඩෙනිස් පුෂිලින් විසින් එම යුද සිරකරු හුවමාරුව තහවුරු කරන ලදී. “අද,සතුරා විසින් අල්ලාගෙන සිටි ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ සහ රුසියානු සමූහාණ්ඩුවේ සටන්කරුවන් 144 ක් නිදහස් කිරීමට නියමිතයි.” පුෂිලින් සිය සමාජ මාධ්‍යය ගිනුමේ සටහනක් තබමින් පවසා සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More