මේ දින වල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් ට සම්බන්ද කරමින් සමාජ මාධ්‍ය හරහා විශාල කතා බහක් නිර්මාණය වී තිබේ. ඒ
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ශාස්ත‍්‍රපති පුජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් සිදු කළ ප‍්‍රකාශයක් නිසාය.කෙසේ වෙතත් ඇතැම් දේශපාලඥයින් පටු අරමුණු වෙනුවෙන් එම ප්‍රකාශය විවේචනය කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කර සිටි.
මේ පිළිබඳව අදහස් පල කරමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ උන්වහන්සේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දින පිංකමේදී සිදු කළ ප‍්‍රකාශයේ වචන කිහිපයක් ගෙන හැර දක්වමින් ඇතැමුන් මෙම විවේචන සිදු කර ඇති බවයි.එසේම අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් සිය ප‍්‍රකාශයේදී හිට්ලර් ලෙස හඳුන්වා ඇත්තේ ඍජු තීරණ ගන්නා නායකයෙකු රටට අවශ්‍ය කර ඇති බව යන්නය ලෙස මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් සදහන් කරන ලදී.
මේ වනවිට ඇතැම් දේශපාලඥයින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වනු ඇතැයි බියෙන් පසුවන බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කල අතර එබැවින් ඔවුන් මෙවැනි ප‍්‍රකාශයන් සිදු කරමින් සිටින බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරණ ලදී..
ඒකාබද්ධ විපක්ෂය හෝ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් සදහන් කරන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...