මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඇමුුණුම් ප‍්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු වෙත ලිපියක් යොමු කර තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ ජනාධිපති ලේකම්වරයා සිදු කළ ඉල්ලීමට පිළිතුරු ලෙස එම ලිපිය යොමු කළ බවය.
ඇතැම් ඇමුණුම් ප‍්‍රසිද්ධ කිරීමෙන් විභාග වෙමින් ඇති අපරාධ නඩු සහ සිවිල් නඩුවලට බාධාවක් ඇතිවිය හැකි බව නීතිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
කොමිෂන් සභා වාර්තාවට තුන්වන පාර්ශ්ව විසින් ඉදිරිපත් කර ඇති ලේඛණ පිළිබඳ වෙන්වෙන්ව නිර්දේශ ලබා ගත යුතු බවත්, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාලව සිදු කෙරෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලදී අනාවරණ වන කරුණු පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදු කරමින් ඇති බවත් නීතිපතිවරයා සිය ලිපියෙන් දන්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...