අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රදේශයේ හයිලන්ඩ් පාර්ක් හි පැවති නිදහස් දින පෙළපාලියකට නනාඳුන පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් අවම වශයෙන් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් උපුටා දක්වමින් අමෙරිකාවේ ප්‍රාදේශීය මාධ්‍ය ඊයේ(04) වාර්තා කළේය.
චිකාගෝ නගරයට තදාසන්න ප්‍රදේශයේ දේශීය වේලාවෙන් පෙරවරු 10 ට පෙළපාලිය ආරම්භ වී මිනිත්තු 10 කට පමණ පසු වෙඩි තැබීම සිදුවිය. පොලිසිය මිනිසුන්ට විසිර යන ලෙස ඉල්ලා සිටි අතර වෙඩික්කරු සෙවීම සඳහා රයිෆල් සමඟ ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටිනු දක්නට ලැබුණි.
සැමරුම් උත්සවය අතරතුර වෙඩි තබන හඬ ඇසීමෙන් මිනිසුන් කලබලයෙන් දිව යන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.
https://twitter.com/i/status/1543989922423623680
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට වෙඩි ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරුවෙකු යැයි සැක කරන පුද්ගලයෙකු ප්‍රාදේශීය පොලිසිය සහ එෆ් බී අයි නිලධාරින් විසින් අත් අඩංගුවට ගත් බව පවසයි. සැකකරු 22 හැවිරිදි රොබට් ඊ. ක්‍රිමො ලෙස හඳුනා ගෙන ඇති බවද පැවසේ.බලධාරින්ට අනුව ප්‍රහාරය සඳහා එක් වෙඩික්කරුවෙකු පමණක් සහභාගි වී ඇතැයි පැවසේ.කෙසේ වුවද ආරක්ෂක අංශ භාරයේ රඳවා තබා ඇති මෙම පුද්ගලයාට එරෙහිව තවමත් කිසිදු චෝදනාවක් එල්ල කර නොමැති බවද අමෙරිකානු පුවත් වාර්තා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...