එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ට එරෙහිව කොන්සර්වේටිව් මන්ත්‍රීවරුන්ට නැවුම් විශ්වාසභංගයක් පැවැත්වීමට අවශ්‍ය බැවින් ඉතා නුදුරේදීම අගමැති බොරිස් ජොන්සන් නායකත්ව අභියෝගයකට මුහුණ දීමට ඉඩ ඇතැයි එංගලන්ත පුවත් මූලාශ්‍රයක් උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.
ඊනියා 1922 කමිටුවේ සාමාජිකයින් අද(06) දින රැස්වී අගමැතිවරයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත තිබූ බවද එරට ප්‍රවෘත්ති ඒජන්සි පවසයි. එංගලන්ත පාර්ලිමේන්තුවේ බහුතරයක් පක්ෂවන්නේ නම්, ලබන සතිය මුලදී තවත් විශ්වාසභංගයක් අගමැති බොරිස් ජොන්සන්ට විරුද්ධව ඉදිරිපත් කළ හැකි බව බ්ලූම්බර්ග් පුවත් වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දේ.
පසුගිය දින කිහිපය තුළ ජොන්සන්ගේ ඇමතිවරුන් සහ අනෙකුත් කැබිනට් සාමාජිකයින් දුසිම් ගනනක් ඉල්ලා අස්වීමෙන් පසු අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකර සිටීමත් සමඟ මෙම පියවර ගෙන ඇත. මුදල් අමාත්‍යාංශයේ කුලපති රිෂි සුනක් සහ සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් ඇතුළු අවම වශයෙන් මන්ත්‍රීවරුන් 15 දෙනෙකු දැනටමත් අගමැතිවරයා අතහැර ගොස් තිබේ.
පසුගිය මාසයේ, අගමැති ජොන්සන්ට ඔහුගේම මන්ත්‍රීවරුන්ගෙන් 40% ක් පමණ ඔහුට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළද, විශ්වාසභංගයෙන් ජයග්‍රහණය කිරිමට් ඔහු සමත් වූ බව බ්ලූම්බර්ග් වාර්තා පවසයි.
“වගකීම භාරගෙන ඉල්ලා අස්වන්න ” යැයි මන්ත්‍රීවරුන් ඉල්ල සිටීමෙන් පසු අගමැති ජොන්සන් අද මන්ත්‍රීවරුන්ට පැවසුවේ, “විශාල ජනවරමක් ලැබුණු විට දුෂ්කර තත්වයන් යටතේ සිටින අගමැතිවරයෙකුගේ කාර්යය වන්නේ දිගටම කරගෙන යාමයි, මම එය කරන්නම්” යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...