හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පිටව ගොස් තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා අද(25) පෙරවරු 09.00ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.
ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශනවලට අදාළ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද එම කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය 02කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගෙන ඇති බවයි වාර්තාවෙයි.
—————————-
ගෝඨා අද FCID යට
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා අද (25දා) පෙරවරු 9.00ට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණීමට නියමිතව ඇත.
තංගල්ල, වීරකැටිය, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු වන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස විමර්ශන කොට්ඨාසය වෙත පැමිණීමට නියමිතය.
මෙම සිද්ධිය මුල්කර ගනිමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටි ප්‍රදේශයේ විශේෂ පොලිස් ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද පොලිස් මූලස්ථානය කටයුතු යොදා තිබේ.
මීට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සහ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සිතාසියක් ලද විටක අධිකරණය හමුවේ පෙනී සිටීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් 14 වැනිදා අභියාචනාධිකරණයේදී එකඟ වී තිබිණි.
මෙම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම සහ ඔහුව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...