විදේශ පුවත්

ඉහළයන ජීවන වියදමට එරෙහිව පසුගියදා පැනමාවේ ආරම්භ වුණු විරෝධතාවලට එරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කම්කරුවන්ද මේ වනවිට එක්වී තිබේ.

ඒ අනුව දැන් එරට නගර රැසක මෙම විරෝධතා ක්‍රියාත්මකය.

ඉහළයන ඉන්ධන සහ ආහාර මිල පාලනය කරන ලෙස ඉල්ලා විරෝධතාකරුවන් මාර්ග බාධක ඉදිකර ගමනාගමනයට බාධා ඇතිකර තිබේ.

කෙසේවෙතත් එරට රජය මේ සම්බන්ධව අවධානය යොමුකර තිබුණ ද සෑහීමකට පත්විය හැකි විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බව වාර්තා වෙයි.

සීඝ්‍රයෙන් වර්ධනය වන උද්ධමනය හේතුවෙන් නම් කරන ලද ආහාර ද්‍රව්‍ය රැසකට පාලන මිලක් නියම කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණි.

මෙසේ ජීවන වියදම් පාලනය කිරීමට යම් යම් පියවර ගෙන තිබුණද විරෝධතාවන්හි කිසිඳු අඩුවක් වී නොමැති බව වාර්තා වෙයි.

කෙසේ නමුත් පැනමාවේ උද්දමනය පසුගිය වසරේ මුල් මාස පහට සාපේක්ෂව 3.3% කින් ඉහළ ගොස් ඇති බව එරට වාර්තා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More