දේශීය පුවත්

ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස ගෝත්‍රික දේශපාලනඥයෙකු වන ද්‍රෞපදි මුර්මු මහත්මිය තේරී පත්වී තිබේ.

පාලක භාරතීය ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ 64 හැවිරිදි  විශ්‍රාමික ගුරුවරියක මෙන්ම ඔඩිස්සා (ඔරිස්සා ) ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.මුර්මු මහත්මිය ඉන්දියාවේ ඉහළ තනතුරක් දරන පළමු ගෝත්‍රික නායිකාවයි.

ඉන්දියාවේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන නමුත් විධායක බලතල ක්‍රියාත්මක කිරීමට නොහැකියි.

ඉන්දියාවේ ජනාධිපති තනතුර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහි මෙන්ම ප්‍රාන්තවල සහ ෆෙඩරල්-පරිපාලනය වන යුනියන් ප්‍රදේශ වල ව්‍යවස්ථාදායක සභාවල සාමාජිකයින් විසින් තෝරා පත් කර ගනු ලැබේ.

මුර්මු මහත්මිය විපක්ෂයේ අපේක්ෂකයා වන ප්‍රවීණ දේශපාලනඥයෙකු වන යෂ්වන්ත් සිංහාට එරෙහිව පහසු ජයග්‍රහණයක් වාර්තා කළාය. 1990 දශකයේ සහ 2000 දශකයේ මුල් භාගයේ එවකට අගමැති අතල් බිහාරි වජ්පායි විසින් නායකත්වය දුන් භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ යෂ්වන්ත් සිංහා මහතා දැන් භාරතීය ජනතා පක්ෂයේ සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ දැඩි විවේචකයෙකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More