ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ හිටපු ආණ්ඩුකාර ජග්දීප් ධන්කර් එරට 14 වන උප-ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, (අගෝ. 6) දිනයේ පාර්ලිමේන්තුවදී පැවති උප-ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී වලංගු ඡන්ද 710න් ඡන්ද 528ක් ඔහුට ලැබී ඇති බව ය.
උප-ජනාධිපතිවරණයේදී ජග්දීප් ධන්කර් සමග තරග වැදුණු විපක්ෂ අපේක්ෂකයා වන කොංග්රස් නායිකා මාග්‍රට් අල්වා ඡන්ද 182ක් ලබා ගෙන ඇත.
ඡන්ද විමසීම පෙරවරු 10.00ට ආරම්භ වී පස්වරු 5.00ට අවසන් වී ඇති අතර පස්වරු 6.00ට ඡන්ද ගණන් කිරීම ආරම්භ වී පස්වරු 7.45ට පමණ අවසන් වී තිබේ.
ඡන්ද 725න් ඡන්ද 15ක් අවලංගු වූ අතර මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව 710 බව ත් එය මුළු ඡන්ද ප්‍රමාණයෙන් 97.93% ක් බව ත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරට ත් සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...