සැටනික් වර්සස් නැමති ග්‍රන්ථයේ කර්තෘ සල්මන් රුෂ්ඩි මහතාට ඊයේ(13) නිව් යෝර්ක් ප්‍රාන්තයේදී දේශනයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටියදී පිහි ප්‍රහාරයකට ලක්ව ඇතැයි වාර්තා වේ. කෙසේ වුවද ඔහුට පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා අත්අඩංගුවට ගැනීමට නිව්යෝක් ප්‍රාන්ත ආරක්ෂක අංශ මෙතෙක් සමත්ව නැත.
75 හැවිරිදි රුෂ්ඩි Chautauqua ආයතනයේ දේශනයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව කියවේ.සල්මාන් රශ්ඩි ඉන්දියාවේ උපන් බ්‍රිතාන්‍ය-ඇමරිකානු සම්භවයක් ඇති නවකතාකරුවෙකි.
මේ අතර නිව් යෝර්ක් ප්‍රාන්ත පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රුෂ්ඩිගේ ගෙලෙහි දරුණු කැපුම් තුවාල දක්නට ලැබෙන බවත් ඔහු හෙලිකොප්ටරයකින් ප්‍රාදේශීය රෝහලකට ගෙන යන ලද බවත්ය.
කෙසේ වුවද ප්‍රහාරකයා කවුරුන්ද යන්න මෙතෙක් බලධාරීන් හඳුනාගෙන නොමැති බවද වාර්තා වේ. ඔහු විසින් ලියන ලද සැටනික් වර්සස් නව කතාව ඉස්ලාම් ආගමට කරන ලද අපහාසයක් ලෙස සැලකුනු අතර ඉරානයේ දිවංගත අයතුල්ලා රුහොල්ලා කොමේනි විසින් ඔහුට එරෙහිව 1989දී ෆට්වා නීතිය පනවන බව ප්‍රකාශ කෙරුණි. ඒ අනුව ඔහුගේ හිසට ත්‍යාගයක් පිරිනැමීමට ඉරාන රජය කටයුතු කළේය.
කෙසේ වුවද ඉරානය නිල වශයෙන් රශ්ඩිට එරෙහිව පනවා ඇති ෆට්වා නීතිය ඉවත් කරගත් අතර, ඉරාන ආගමික පදනමක් විසින් 2012 දී රුෂ්ඩිට ඩොලර් මිලියන 3.3 ක ත්‍යාගයක්ද පිරිනැමීය.
न्यू यॉर्क में एक इवेंट में भाषण देने के दौरान सलमान रुश्दी पर हमला. #SalmanRushdie pic.twitter.com/suNeBZF7aL
— Poonam kaushal (@poonamkaushel) August 12, 2022
UPDATE: Medics transport Salman Rushdie to hospital via helicopter
His condition is currently unknown. pic.twitter.com/oVyjAMLJGa
— RT (@RT_com) August 12, 2022
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...