ඉන්දියාවේ රිසර්ව් බැංකුවේ නියෝජ්‍ය අධිපති මයිකල් පැට්‍රා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සෙනසුරාදා වාර්තා කළේ, ඉන්දියාවෙන් එක්සත් ජනපදයට නැව්ගත කළ බව කියන රුසියානු තෙල් නිෂ්පාදන පිළිබඳ වොෂින්ටනය නවදිල්ලියෙන් විමසීමක් කර ඇති බවයි.
පැට්රාට අනුව, එක්සත් ජනපද භාණ්ඩාගාරය එක්සත් ජනපද බලධාරීන්ට දන්වා සිටියේ ඉන්දියානු යාත්‍රාවක් මහ මුහුදේ නවතා තිබුණු රුසියානු තෙල් නැවකින් බොර තෙල් රැගෙන ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ ගුජරාට් ප්‍රාන්තයේ වරායකට ලබා දී , එහි ඇති පිරිපහදුවකින් තෙල් පිරිපහදු කර නැවත එන තෙල් නිව් යෝර්ක් වෙත යවා ඇත.
“රුසියානු තෙල් මිල දී ගන්නා පුද්ගලයින්ට එරෙහිව සම්බාධක පනවා ඇති බව ඔබ දන්නවා, මෙය එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් අපට වාර්තා කර තිබුණා. ඉන්දියානු නැවකට රුසියානු බොර තෙල් රැගෙන යන ටැංකි නෞකාවක් ගැඹුරු මුහුදේදී හමු වූ අතර එහිදී බොර තෙල් පුරවා ගනු ලැබ තිබෙනවා. ඉන් පසුව අදාළ නැව ගුජරාටයේ වරායකට පැමිණි අතර, එය එම වරායේදී එක් වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් නිපදීමට අවශ්‍යය අමුද්‍රව්‍යය ලබා ගැණීම පිණිස ලබාගන්නා ආසවනය බවට පරිවර්තනය කරනු ලැබුවා.
ඉන් පසුව පිරිපහදු කළ නිමැවුම නැවත එම නෞකාවට පටවා ගෙන ගමනාන්තයක් නොමැතිව ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියේය. ගැඹුරු මුහුදේදී බලධාරින් විසින් නෞකාවට ගමනාන්තයක් ලබා දුන් නිසා එය එහි ගමනාන්තය වූ නිව්යෝර්ක් වෙත පැමිණියා.”
කෙසේ වුවද එම නිලධාරියා අදාළ නෞකාවේ නම හෙළි නොකළ අතර, එම කාරණය සම්බන්ධයෙන් වෙනත් කිසිදු තොරතුරක් ලබා නොදුන් නමුත්, “යුද්ධය ක්‍රියාත්මක වන ආකාරය එයයි, එය අමුතු ආකාරවලින් ක්‍රියා කරයි” යනුවෙන් පැවසීය.
යුක්රේනයේ තත්ත්වය සම්බන්ධයෙන් රුසියාව ඉලක්ක කර ගත් සම්බාධකවල කොටසක් ලෙස එක්සත් ජනපදය මේ වසර මුලදී රුසියානු තෙල් සහ තෙල් නිෂ්පාදන රට තුළට ඇතුළු වීම තහනම් කළේය.
ඉන්දියාව මොස්කව් අනුගමනය කළ ක්‍රියාව අනුමත කිරීමෙන් වැලකී සිටින අතර, මෙම වසරට පෙර ඉන්දියාව කලාතුරකින් රුසියානු තෙල් මිලදී ගත් අතර, මොස්කව් විසින් ලබා දී ඇති වට්ටමේ වාසිය ලබා ගනිමින් මාර්තු මාසයේ සිට රුසියානු ඛනිජ තෙල් මිලදී ගැනීම් දස ගුණයකින් වැඩි කර ඇත. බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව, රුසියාව ජුනි මාසයේදී ඉන්දියාවේ දෙවන විශාලතම සැපයුම්කරු ලෙස සිටි සෞදි අරාබිය අභිබවා ගියේය. ඉන්දියාවට සපයන රුසියානු තෙල් ප්‍රමාණය ඉරාකයට පමණක් දෙවැනි විය.
රොයිටර් පුවත් සේවය නවදිල්ලියේ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් පැට්‍රාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූ විට තානාපති කාර්යාලය ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැලකී සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...