රජය මැදිහත් නොවන්නේ නම් එක්සත් රාජධානියේ මිලියන සංඛ්‍යාත ජනතාවකට එළඹෙන ශීත සෘතුවේ දී ආහාර වේල් පමණක් නොව තම නිවෙස් උණුසුම් කිරීමට පවා නොහැකි වනු ඇතැයි ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් මහතා අද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේය.
එංගලන්තය තුල බලශක්ති මිල ඉහළ යාම සහ 10% ට වඩා වාර්තාගත උද්ධමනය පිළිබඳව සඳහන් කරමින් “අපි මීට පෙර මෙවැනි තත්වයක් අත් විඳ නැත” යනුවෙන් ඛාන් සිය ට්විටර් පණිවිඩයේ දක්වා ඇත.
“අපි ශීත සෘතුවකට මුහුණ දී සිටිමු, මිලියන ගණනකට සිය නිවාස උනුසුම් කිරීම හෝ ආහාර ගැනීම යන දෙකින් එකක් තෝරා ගැනීමට සිදු වනු ඇත, නමුත් ඛේදජනක කාරණය වන්නේ එම අවශ්‍යතා දෙකම දරා ගැනීමට නොහැකි තත්වයට පත් වනු ඇත,” ඔහු අනතුරු ඇඟවීය.
“මෙය සිදු වීමට ඉඩ දිය නොහැක,” යනුවෙන් පවසන නගරාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, බ්‍රිතාන්‍ය රජය “මිනිසුන්ට ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට හැකි වන පරිදි පියවර ගත යුතු” බවයි.
එක්සත් රාජධානියේ බලශක්ති බිල්පත් ඔක්තෝම්බර් මාසයේදී 80% කින් වැඩි විය හැකි බව විශෙෂඥයෝ පවසති. මේ අතර Auxilione බලශක්ති උපදේශන ආයතන පුරෝකතනය කරන්නේ බලශක්තිය සඳහා ගෙවිය යුතු බිල සාමාන්‍යයෙන් වසරකට පවුම් 3,600 ($4,292) ඉක්මවිය හැකි බවයි. එහෙත් බලශක්ති කර්මාන්ත නියාමකයෙකු වන Ofgem 2021 ඔක්තෝම්බර් මාසයේදී හඳුන්වා දෙන ලද සීමාව, වසරකට පවුම් 1,400 ක් විය.
නගරාධිපති සාදික් ඛාන් මහතා ඊයේ( 19 ) එම ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ ලන්ඩනයේ එක් නගරයක ආහාර බැංකුවලට සැපයුම් බෙදා හරින ගබඩාවක් නිරීක්ෂණය කිරීමට අවස්ථාවේදීය.
ඔහු තමන් අරගල කරන්නේ ලන්ඩන් වැසියන්ට සහය ලබා දීමට බවට සහතිකයක් ලබා දුන් නමුත්, “මෙම වියදම් වැඩිවීම මන්දගාමී වන බවට කිසිදු සලකුණක් නොපෙන්වන” බැවින්, වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
“මෙම ජීවන වියදම් අර්බුදය ජාතික ව්‍යසනයක් බවට පත්වීම වැළැක්වීමට අමාත්‍යවරුන් දැන් ක්‍රියා කළ යුතුයි,” නගරාධිපතිවරයා පැවසීය.
යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් මොස්කව් වෙත පනවා ඇති බටහිර සම්බාධක සහ යුරෝපා සංගමයට රුසියානු ස්වභාවික ගෑස් සැපයුම අඩුවීම මත යුරෝපයේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ ආර්ථික දුෂ්කරතා තවදුරටත් උග්‍ර වී තිබේ.
එක්සත් රාජධානිය ඉන්ධන සඳහා සෘජුවම රුසියාව මත රඳා නොපවතින නමුත් ගෝලීය වෙළඳපොලේ ඛනිජ තෙල් සහ ස්වභාවික වායු වල මිල ගණන් ඉහළ යාමෙන් බ්‍රිතාන්‍යය දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...