සෙනසුරාදා රාත්‍රියේ ඉස්ලාමාබාද් නුවර පැවති රැලියකදී විනිසුරුවරියකට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතා එරට ත්‍රස්ත විරෝධී නීති උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වී තිබේ. මේ වන විට අන්ත්‍රජාලයේ දකින්නට ලැබෙන ඉරිදා සවස ඔහුගේ නිවසට වෙඩි තබා ඇති බව දක්වෙන වීඩියෝ පටයේ දැක්වෙන්නේ ඔහුට එරෙහිව පොලිස් වාර්තාවක් ගොනු කිරීමෙන් පැය කිහිපයකට පසු පොලිසිය ඉම්රාන් ඛාන් මහතාගේ වාසස්ථානය වට කර ඇති ආකාරයයි.
සෙනසුරාදා රැළියේදී ඔහුගේ දේශනයේදී, විනිසුරු සෙබා චෞද්‍රිට, පොලිස් ආයතන දෙකකට, පකිස්ථාන මැතිවරණ කොමිසමට සහ අනෙකුත් දේශපාලන විරුද්ධවාදීන්ට තමා චෝදනා ගොනු කරන බවට තර්ජනය කරමින්, තම කාර්ය මණ්ඩල ප්‍රධානියා වන ෂාබාස් ගිල් වෙත ඔවුන්ගේ පහත් ලෙස සැලකීම සම්බන්ධයෙන් “ප්‍රතිවිපාක” වලට මුහුණ දීමට සූදානම් විය යුතු බවට අනතුරු ඇඟවීය. ය . ඔහු පසුගිය සතියේ රාජද්‍රෝහී චෝදනා මත අත්අඩංගුවට ගත් ගිල්ට සහයෝගය දැක්වීම සඳහා ඉස්ලාමාබාද් හි එෆ්-9 උද්‍යානයේ රැළියක් සංවිධානය කර තිබුණි.
කෙසේ වුවද දේශපාලන සතුරන්ට එරෙහි “තර්ජන” සම්බන්ධයෙන් ඉම් රාන් ඛාන් මහතා කළ දේශනය එරට රාජ්‍යය රූපවාහිනියෙන් තහනම් කරන ලද අතර “යූ ටියුබ්” නාලිකාවද පකිස්ථානය පුරා අවහිර විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...