ප‍්‍රධාන පුවත්

සෙනගාල්හිදී පසුගිය දා පැවති චීන – අප්‍රිකා සහයෝගිතාව පිළිබඳ සංසදයේ 8 වන අමාත්‍ය සමුළුවට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙමින් චීන රාජ්‍ය ඇමති චං යී ප්‍රකාශ කර ඇත්තේ,අප්‍රිකානු රටවල් 17 සඳහා ලබා දී ඇති පොලී රහිත ණය සම්පූර්ණයෙන් අත්හැර දැමීමට චීනය තීරණය කළ බවයි.

චීන රජයේ එම තීරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ චීන රාජ්‍ය ඇමති චං යී මහතා ප්‍රකශ කළේ, චීනය සහ අප්‍රිකාව අතර පොදු සංවර්ධනයේ නව යුගයක් සඳහා මිත්‍රත්වය හා සහයෝගිතාව ශක්තිමත් කිරීම උදෙසා මෙම තීරණය ගත් බවයි.

“2021 නොවැම්බර් මාසයේ සෙනගාල්හි ඩෙකාර් නගරයේ පැවති චීන – අප්‍රිකා සහයෝගිතාව පිළිබඳ සංසදයේ අමාත්‍ය සමුළුවේදී චීන ජනාධිපති ෂී ජිංපිං ලබා දුන් සියලු පොරොන්දු ඉටුකර තිබෙනවා. අප්‍රිකානු මූල්‍ය හා ආයතනවලට පොරොන්දු වූ ඩොලර් බිලියන 10ක ණය පහසුකම්වලින් බිලියන 3කට අධික ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. එලෙසම ඩොලර් බිලියන 2.5කට ආසන්න මුදලක් අප්‍රිකාවේ ප්‍රමුඛතා වැඩසටහන්වලට ලබා දී තිබෙන්වා.” ඒ මහතා ප්‍රකාශ කළේය.

මාස 7ක් ඇතුළත චීනය අප්‍රිකානු භාණ්ඩ ආනයනය 70% දක්වා ඉහළ දමා තිබෙන අතර චීන සමාගම් අප්‍රිකාවේ ඩොලර් බිලියන 2.7ක් ආයෝජනය කර ඇති බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. එලෙසම අමෙරිකානු ඩොලර් බිලියන 10ක් අප්‍රිකාව වෙත ලබාදීම සඳහා චීනය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිරිමත් කිරීමටද පියවර ගෙන ඇත.

2022 වසර සැලකිල්ලට ගැනීමේදි අගෝස්තු මාසය දක්වා කාලය තුළ චීනය අප්‍රිකානු රටවල් 12කින් ආනයනය කරන භාණ්ඩවලින් 98%ක තීරු බදු අත්හැරීමට ලිපි හුවමාරු කරගෙන තිබේ.එලෙසම ඉතියෝපියාව, ජිබුටි, සෝමාලියාව සහ එරිත්‍රියාව සඳහා හදිසි ආහාර සහනාධාර ලබා දීමටද කටයුතු කර ඇත. කෘෂිකාර්මික අංශයේ චීන ආයෝජන වැඩි කරමින් ධාන්‍ය වගා කිරීම සඳහා ගම්මාන 1,000ක සමාගම් 100ක් මුලපිරීමට ද රැකියා උත්පාදනය කිරීම දරිද්‍රතාව අඩු කිරීමට සහ අප්‍රිකාවේ ග්‍රාමීය කුටුම්භ සඳහා ජීවනෝපාය දිරි ගැන්වීමට ද චීනය අඛණ්ඩව උපකාර කිරීමට කටයුතු කරමින් සිටී.

ඩෙකාර් සමුළුව පැවැත්වීමෙන් පසු සෙනෙගල්හි ෆොන්ඩිගන් පාලම, නයිරෝබි අධිවේගී මාර්ගය, කැමරුන්හි කිරිබි ලොලාබේ අධිවේගී මාර්ගය, ඊජිප්තුවේ රාමදාන් එල්.ආර්.ටී. සැහැල්ලු දුම්රිය මාර්ගය වැනි ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් මේ වන විට චීනය විසින් අවසන් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍යය පවසයි. සමුළුවේදී තවදුරටත් අදහස් දක්වමින් චීන රාජ්‍ය ඇමති චං යී මහතා පවසා සිටියේ චීනය අප්‍රිකාවට පක්ෂව තව තවත් සම්පත් බලමුළු ගැන්වීමට කටයුතු කරන බවත් චීන සහ අප්‍රිකානු ජනතාව අතර මිත්‍රත්වය වර්ධනය කිරීම සඳහා හුවමාරුව සහ සහයෝගිතාව වැඩි දියුණු කිරීම සඳහා චීනය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More