දේශීය පුවත්

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන මස 3 වැනිදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී සිටින 16 දෙනාගේ කණ්ඩායමද සහභාගි වන බව හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා දැනුවත් කර තිබෙන බවත් ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟද මේ ගැන සාකච්ඡා කර තිබෙන බවත් ඒකනායක මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් ඒකාබද්ධ විපක්ෂය සමඟ එක් වී වර්තමාන ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ගෙනයෑමට 16 දෙනාගේ කණ්ඩායම තීරණය කර තිබෙන බවත් ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන සියලුම විරෝධතාවලට 16 කණ්ඩායම එක්වන බවත් ඒකනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More