ඇමැතිකම් අත්හළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 16 දෙනා අද (28දා) පස්වරුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.
අද පස්වරු 4.00ට බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී මෙම හමුව පැවැත්වීමට නියමිතය.
මේ සඳහා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක්ද සහභාගි වීමට නියමිතව තිබේ.
මේ හමුව සඳහා ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් 16 දෙනාම සහභාගිවීමට නියමිතව ඇත.
පසුගිය දිනවල බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් අතර දේශපාලන වේදිකාවල විවිධ මතගැටුම් ඇති වූ අතර අද පැවැත්වෙන මෙම හමුව සඳහා එම මන්ත්‍රිවරුන්ද සහභාගි වුවහොත් එය තරමක් උණුසුම් වීමටද ඉඩ ඇති බව පොදුජන පෙරමුණේ ජේයෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
මීට පෙර ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් 16 දෙනා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් වන වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශද හමුවූහ.
ඉදිරියේදී විපක්ෂයේ දේශපාලන කටයුතු සිදු කෙරෙන ආකාරය ගැන මන්ත්‍රිවරු පිරිස දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
එම පක්ෂ නායකයන් ඉහත කී හමුවලදී ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් 16 දෙනා හට කියා සිටියේ, ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය අහිමි කිරීම සඳහා ඔවුන් විපක්ෂයේ අසුන් ගැනීම ගැන සතුටු වන අතර, විපක්ෂයේ සහෝදර මන්ත්‍රිවරුන් කණ්ඩායමක් ලෙස පිළිගන්නා බවයි.
එහෙත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැඩිව කියා සිටියේ ඔවුන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත හොත් පමණක් ඔවුන් සමඟ එකට වැඩ කිරීම ගැන සලකා බැලිය හැකි බවයි.
එබැවින් අද දිනයේ සිදුවන මෙම මන්ත්‍රිවරුන් 16 දෙනාගේ හමුව තීරණාත්මක සාකච්ඡාවක් වන බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...