දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය සමග ඉදිරියට ගමනක් යාමට අපහසු බවද නායකත්ව වෙනසක් නොවුනහොත් ඉදිරි මැතිවරණයකදීද එක්සත් ජාතික පක්ෂයට නියත පරාජයක් අත්වන බවද එක්සත් ජාතික පක්ෂයේ දකුණු පලාත් සභා මන්ත්‍රී ටී.වී.කේ. ගාමිණි මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව වෙනසක් සහ පීඩනයෙන් පෙලෙන පාක්ෂිකයින්ට සහන සලසන ලෙස ඉල්ලා හම්බන්තොට සිට සිරිකොතට පා ගමනක් ආරම්භ කරන බවයි.

පසුගියදා (26) ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දකුණු පළාත් සභා මන්ත්‍රී ටී වී කේ ගාමිණී මහතා මෙසේද පැවසීය.

“අපිට පක්ෂයේ නායක තුමා හමුවෙන්න අවස්ථාවක් ඉල්ලුවා. අපිට ඒ අවස්ථාව ලැබුනා. ඒ තුල අපි නායකතුමා හමු වුනා. හමු වුනත් අපි සාකච්ඡා කීපයක් කරා අපිට හොඳ ප්‍රතිචාර ලැබුණේ නැහැ. අපි යොමු කලා සාගල රත්නායක ඇමති තුමා වෙත. සාගල රත්නායක ඇමති තුමත් අපිට පොරොන්දු කීපයක් දීලා තියෙනවා. මෙතෙක් ඉටුවෙලා නෑ. මගේ අරගලය නැවතිලා නෑ. තිස්ස මහරාමයෙන් ආරම්බ කරනවා සිරිකොතට යනකන් පා ගමනක්. ඒ පාගමනට දහස් ගණනින් අපි ගෙනියනවා කියන එක මේ අවස්ථාවේ අපි ප්‍රකාශ කරනවා. අද හෙටම මේ පා ගමන අපි ආරම්භ කරනවා.”

“පීඩනයෙන් පෙලෙන එක්සත් ජාතික පාක්ෂිකයින්ට යම් සහනයක් ලබාදෙන්න කියන අරමුණ තමයි මෙම පා ගමනේ එකම අරමුණ. පක්ෂ නායකත්වය වෙනස් විය යුතුයි කියන එක මේ පාගමනේ තවත් අරමුණක්. අද මුළු ලංකාවම ඉල්ලන්නේ එක්සත් ජාතික පක්සයේ පක්ස නායකත්වය වෙනස් විය යුතුයි කියලා. පක්ස නායකයින් තෙරුම් ගත යුතුයි ජනතාව ඉල්ලන්නේ මොකක්ද ඉල්ලන දේ දෙන්න. අපි බලාපොරොත්තු වෙන්නේ පක්ස නායකත්වය වෙනස් වෙලා හොඳනායකත්වයක් ලැබිලා එක්සත් ජාතික පාක්ෂිකයින්ට විශාල සේවාවක් කල හැකි පල්ලෙහා මට්ටමේ ජනතාවගේ දුක කඳුල වේදනවා අඳුනන පක්ෂයට වැඩ කරන ජනතාවට වැඩකරන නායකයෙක් බිහි වෙන්න ඕන කියන එකයි අපේ එකම ප්‍රාර්ථනය. මේ පසුබිම තුල මැතිවරණයකට ගියොත් අපි අනිවාර්යයෙන්ම පරාජයට පත්වෙනවා. එක්සත් ජාතික පක්ෂය මේ යන ගමණ තුල අපිට ජයග්‍රහණයක් පේන තෙක් මානෙක නෑ. අපේ පරාජය තමයි අපිට කියන්න තියෙන්නේ මේ නායකයා එක්ක අපට ගමනක් යනන්න අමාරුයි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More