පාකිස්තානයට බලපෑම් එල්ල කළ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට ආර්ථිකයට සිදුවූ පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 18ක් පමණ වන බව මේ වනවිට ඇස්තමේන්තු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් පාකිස්තානයේ වගා භූමි අක්කර මිලියන 8.25ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ එලෙස විනාශයට පත්වී ඇත්තේ පාකිස්තාන ආර්ථිකයට ඍජුවම බලපෑම් කළ හැකි වී ඇතුළු බෝග වගාවන් බවය.
ආර්ථිකය කඩාවැටීම හමුවේ පාකිස්තානයේ දළ දේශීය නිෂ්පාදිතය ද සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත.
ජලගැලීම් හේතුවෙන් පාකිස්තානයේ දිස්ත්‍රික්ක 118කට බලපෑම් එල්ල වී තිබේ.
ඒ හමුවේ ජනගහනයෙන් සියයට 37ක ප්‍රතිශතයක් දරිද්‍රතාවයෙන් පීඩාවට පත්වී සිටින බවද වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...