දේශීය පුවත්

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මියට චෙක්පත් මාර්ගයෙන් මුදල් ලබා දී ඇති බවත් එම චෙක්පත් මුදල් බවට මාරු කර දී ඇත්තේ අගමැතිවරයාගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් බවත් ජාතික සමගි පෙරමුනේ නායක අසාද් සාලි මහතා පවසයි.

ඒ නිසා එම මුදල් ගත්තේ රෝස් සේනානායක මහත්මියද අගමැතිවරයාද යන්න රජයෙන් ප්‍රකාශයක් සිදු කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

රෝසි සේනානායක මහත්මිය සහ ඇයගේ පුත්‍රයා මුදල් ඇලෝසියස්ගෙන් මුදල් නොගත් බවට ප‍්‍රසිද්ධියේ පවසන්නැයි තමන් නගරාධිපතිනියට අභියෝග කරන බවද අසාද් සාලි මහතා ප්‍රකාශ කළේය.

ඒ බව ඔප්පු කිරීමට තමා ලඟ ලිපි ලේඛන තිබෙන බවද ඇලෝසියස්ගෙන් මුදල් ගත බව රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රායා පිළි ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු කෝප් කමිටුව හමුවේ ලබාදුන් සාක්කිවල පිටපත් එහි සාමාජිකාවක වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක විසින් පර්පචුවල් ට්‍රෙසරීස් සමාගමට ලබා දී ඇති බව බැදුම්කර කොමිසම හමුවේදී මීට පෙර හෙළිදරව් වී තිබිණි.

ඒ පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතා කොමිසම හමුවේ සාක්කි දෙමින් එම සිද්ධියට අදාළව සිදුවූ දුරකතන සංවාද කොමිසමට භාර දීමෙන් අනතුරුවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More