කෙන්යාවේ අගනුවර වන නයිරෝබි නගරයේ වෙළඳපොළක ඇතිවූ ගින්නකින් 15දෙනකු පමණ මියගොස් 70ක් පමණ තුවාල ලබා ඇත. මියගිය අය අතර දරුවන් හතර දෙනකු ද සිටින බව රෝහල් බලධාරීහු පවසති.
ගින්න හටගෙන ඇත්තේ රාත්‍රී කාලයේ බවත් ගොඩනැගිලි බොහොමයක් ගින්නෙන් දැවී විනාශ වී ඇති බවත් පැවසේ.
මෙය නගරයේ එළිමහන් ස්ථානයක පැවැත්වෙන දැවැන්ත වෙළඳපොලක් වන අතර පාවිච්චි කරන ලද ඇඳුම්, සපත්තු, එළවළු සහ දැව විකිණීමට තබා ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
ගින්න නිවා දැමීමට පැය දෙකක පමණ කාලයක් ගතවී ඇති අතර ගින්න හටගැනීමට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව එරට පොලිසිය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...