පෙන්ටගනයේ සෘජු මැදිහත්වීම මත යුක්රේන යුධ පිටියේ සාර්ථකත්වයන් අත්කර ගත් බවට එක්සත් ජනපද ආන්ඩුව “විවෘතව පුරසාරම් දොඩමින් සිටීම” “ගැඹුරු කනස්සල්ලට” හේතුවක් බව වොෂින්ටනයේ රුසියානු තානාපති ඇනටෝලි ඇන්ටනොව් ඊයේ(15) සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.
“මෙම ප්‍රකාශයන්ට පටහැනිව , එක්සත් ජනපදය ගැටුමේ පාර්ශ්වයක් නොවන බවට වොෂින්ටනය කරනු ලබන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම හාස්‍යජනක හා පදනම් විරහිත වනවා,” ඇන්ටනොව් RIA Novosti පුවත් සේවය වෙත පැවසීය. “කෙසේ වෙතත් අමෙරිකාවේ හිටපු සහ වත්මන් දේශපාලනඥයන්ගේ සහ ජෙනරාල්වරුන්ගේ කරුණු දැක්වීම් සහ සම්මුඛ සාකච්ඡා යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් වෙනත් අදහස් දැක්වීම් තිබෙනවා.”
“දැනට බටහිර නාලිකාවල පෙන්වන වීඩියෝවලින් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ඉංග්‍රීසි චතුර ලෙස කතා කරන බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු උච්චාරණ ඇති බොහෝ සොල්දාදුවන් සහ නිලධාරීන්, අපට එරෙහිව සටන් කරන බවයි,” තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
“එක්සත් ජනපදය ඔවුන්ගේ යල්පැනගිය ආයුධ සඳහා යුක්රේනය කුණු කසළ බිමක් බවට පත් කිරීමට සෑම දෙයක්ම කර තිබෙනවා, ඒ වගේම නව නේටෝ යුධ උපකරණ අත්හදා බලන පරීක්ෂණාගාරයක් බවටද යුක්‍රේනය පත් කර තිබෙනවා” යනුවෙන් ඇන්ටනොව් පැවසුවේ ලාභ ඉපැයීම සඳහා එක්සත් ජනපද මිලිටරි-කාර්මික සංකීර්ණයේ ඇති අසීමිත ආශාව පෙන්වා දෙමිනි.
පෙන්ටගනයම පිළි ගන්නා කරුණු වලට අනුව, එක්සත් ජනපදය 2014 සිට යුක්රේනයට “ආරක්ෂක ආධාර වශයෙන් ඩොලර් බිලියන 17.2කට වඩා” සපයා ඇති අතර මේ වර්ෂයේ පෙබරවාරියේ සිට තවත් ඩොලර් බිලියන 14.5ක් ලබා දීමට කටයුතු කර ඇත.
කියෙව් පාලනයේ අනුග්‍රාහකයින් “බලය සහ මුදල් සඳහා කුසගින්නෙන්” සිටින අතර සාමකාමී විසඳුම් සඳහා උනන්දුවක් නොදක්වන බව ඇන්ටනොව් මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේය.මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් යුක්රේනයට තවත් ආයුධ යැවීම ගැන පමණක් බටහිර රටවල නායකයින් කරන සාකච්ඡා සම්බන්ධව කතා කිරීමට තරම් දෙයක් නැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
“ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ රුසියාව ඕනෑම ආකාරයකින් පරාජය කිරීම සහ පසුව එය ජාත්‍යන්තර තලයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීම වැළැක්වීමයි.එතැනින් නොනැවතී හැකියාවක් තිබේ නම්, රුසියාව කැබලිවලට කඩා දැමීමත් ඔවුන්ගේ ප්‍රමුඛතම අරමුනක්, ”තානාපතිවරයා පැවසීය. “ආරම්භයේ සිට විනාශයට පත් වූ ‘ප්‍රහාර’ වැනි තවත් සියදිවි නසාගැනීමේ වික්‍රමාන්විතයන් වෙත යුක්රේනය තල්ලු කිරීම අමෙරිකාව ප්‍රමුඛ නේටෝව නතර නොකරනු ඇත.” තානාපතිවරයා අවධාරනය කළේය.
මේ අතර යුක්රේනය කියා ඇත්තේ කර්කොව් කලාපයේ මෑත කාලීනව සිදුවූ වර්ධනයන් ගැටුමේ “හැරවුම් ලක්ෂ්‍යයක්” බවයි. පසුගිය 12 වනදා, නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත වාර්තා කළේ, එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය මෙහෙයුම සැලසුම් කිරීමට සම්බන්ධ වී ඇති බවත්, පෙන්ටගනයේ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී කොලින් කාල් විසින් එක්සත් ජනපද හමුදාව “සමහර ආකෘති නිර්මාණය සහ සමහර මේසයේ අභ්‍යාස ” කළ බව පිළිගැනීම ඇතුළුව,කියෙව් පාලනය සමඟ බෙදා ගත් බව ය.
“ වොෂින්ටනයේ වත්මන් ක්‍රියාකාරිත්වය කියෙව්ව අපට එරෙහිව උසිගන්වන බව අවිවාදිත, පැහැදිලි කරුණකි,” ඇන්ටනොව් පැවසීය. ඇමරිකානුවන් දිගු දුර රොකට් සඳහා යුක්රේනයේ “උමතු” ඉල්ලීම් සමඟ ගමන් කරන්නේ නම්, “එවැනි තත්වයක් රුසියාව සමග මිලිටරි ගැටුමකට එක්සත් ජනපදය සෘජුවම මැදිහත් වීමක් යනුවෙන් අදහස් කරනවා” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
එසේ වුවද, මෙය “පෙරටුගාමී සැබෑ වෙනසක් ඇති නොකරනු ඇත,” ඇන්ටනොව් පැවසුවේ, “ඉතිහාසය දුර්වල ලෙස දන්නා බොළඳ, අදූරදර්ශී දේශපාලනඥයන්ට පමණක් යුධ පිටියේදී රුසියාවට එරෙහි ජයග්‍රහණය ගැන කතා කළ හැකිය.”
රුසියාවේ මෙහෙවර වන්නේ “බහු ධ්‍රැවීය ලෝක අනුපිළිවෙලක අඩිතාලම දැමීම සහ ඇමරිකානු ‘නීති මත පදනම් වූ ලෝක පිළිවෙල’ ඉතිහාසයේ කුණු කූඩයට යැවීමයි.අපි ජයග්‍රහණය අත්කර ගන්නා බවට සැකයක් නැත” යනුවෙන් ඔහු නිගමනය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...