දේශීය පුවත්

ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ඇමැතිවරුන් 16 දෙනා ඒකාබද්ධ විපක්‌ෂය සමඟ පූර්ණකාලීනව කටයුතු කිරීමට එකඟ වූ බවත් ඒ අනුව මින් ඉදිරියට 16 දෙනාගේ කණ්‌ඩායමක්‌ නැති බවත් ආණ්‌ඩුවට විරුද්ධව ඒකාබද්ධ විපක්‌ෂය 70 ක කණ්‌ඩායමක්‌ බවට පත්වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ඡේ. සෙනෙවිරත්න මහතා පැවසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සමඟ ඊයේ (28 දා) සවස බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ කාර්යාලයේ පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමිනි.

මෙම සාකච්ඡාව සඳහා ජෝන් සෙනෙවිරත්න මහතා සමඟ 16 දෙනාගේ කණ්‌ඩායමේ සාමාජිකයන් වන සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්‌කොඩි, සුසන්ත පුංචි නිලමේ, ලක්‌ෂ්මන් වසන්ත පෙරේරා, අනුරාධ ජයරත්න, ටී. බී. ඒකනායක යන මන්ත්‍රීවරු ද සහභාගි වූහ.

සෙසු සාමාජිකයන් විදේශගතවීම සහ වෙනත් රාජකාරි කටයුතු නිසා සහභාගි නොවූ බව ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් එහි නායක මහාචාර්ය ජී. ඇල්. පීරිස්‌ මහතා ද සහභාගි විය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජෝන් සෙනෙවිරත්න මහතා මෙසේ ද කීවේය.

අපි ආණ්‌ඩුවට විරුද්ධව කටයුතු කරන්න ඒකාබදAධ විපක්‌ෂය සමඟ එක්‌වුණා. ඒ අනුව දැන් ඒකාබද්ධ විපක්‌ෂය 70 දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ බවට පත්ව තිබෙනවා.

ලබන 02 වැනිදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්‌ෂයේ කණ්‌ඩායම් රැස්‌වීමටත් සහභාගි වෙනවා. මින් ඉදිරියට 70 කණ්‌ඩායම ලෙස අපි පාර්ලිමේන්තුව තුළ ආණ්‌ඩුවට විරුද්ධව කටයුතු කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More