චීන රජය මේ පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත දන්වා තිබේන අන්දමට දේශිය පලතුරු විශේෂ කිහිපයක් චීනයට අපනයනය කිරීම සඳහා චීනය හා ශ්‍රී ලංකාව අතර මීට වසරකට පෙර ගිවිසුමක් අත්සන් කර ඇතත් මේ වනතෙක් කිසිදු පලතුරක් චීනයට යැවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ඊට සම්බන්ධ රජයේ ආයතන කටයුතු කර නොමැති බව රජයේ ආරංචි මාර්ග පැවැසීය.
මෙකී ගිවිසුමට අනුව විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කෙසෙල් චීනයට අපනයනය කිරීම සඳහා එකඟ වී තිබේග හම්බන්තොටල ඇඹිලිපිටිය ආදී ප්‍රදේශවල වගා කෙරෙන කෙසෙල් චීනයට අපනයනය කිරීමට සැලසුම් කර ඇතග නමුත් ශ්‍රී ලංකාව එක කෙසෙල් ගෙඩියක්වත් චීනයට අපනයනය නොකළ බව චීන රජයේ ප්‍රධානියා මෙරට රජයේ ප්‍රධානියාට පවසා තිබේ.
මෙම දැනුම් දීමට අනුව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය යාවත්කාලීන කිරීමටත් ඒ අනුව ඉදිරියේදී මෙරට කෙසෙල් චීනයට අපනයනය කිරීමටත් සූදානම් වේග ආනමාලුල කෝලිකුට්ටුල ඇම්බුම් ඇතුළු ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කෙසෙල් ඕනම ප්‍රමාණයක් චීනය මිලදී ගැනීමට සූදානමින් සිටින බවද එම ආරංචි මාර්ග පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...