විදේශ පුවත්

බ්‍රිතාන්‍ය රාජකීය පවුල අයත් කරගෙන සිටින දකුණු අප්‍රිකාවෙන් හමු වූ ලොව විශාලතම දියමන්තිය ආපසු ලබාදෙන ලෙස ඉල්ලා දකුණු අප්‍රිකානුවන් දිගින් දිගටම බලපෑම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1905 දී දකුණු අප්‍රිකාවේ කරන ලද කැණීමක දී හමු වූ මෙම දියමන්තිය හඳුන්වනු ලබන්නේ ‘කුලිනන්‘ හෙවත් අප්‍රිකාවේ මහා තාරකාව යන නමිනි.

එවකට අප්‍රිකාවේ රැඳී සිටි බ්‍රිතාන්‍ය යටත් විජිත නිලධාරින් එය රාජකීය පවුල වෙත ලබා දී තිබුණේ කපා ඔපමට්ටම් කිරීමෙන් පසුවය. මේ වන විට රැජිනට අයත් රාජකීය යෂ්ටියක මෙම මහා තාරකාව සවිකර තිබේ.

රැජිනගේ අභාවත් සමගම යටත් විජිතවාදය සහ ඇගේ උරුමය සම්බන්ධයෙන් සංවාදයක් ලොව පුරා ගොඩ නැගෙමින් ඇති පසුබිමක දකුණු අප්‍රිකානුවන් පවසන්නේ ‘කුලිනන්‘ දියමන්තිය වහාම ක්‍රියාත්මක වන පරිදි දකුණු අප්‍රිකාවට ආපසු ලබාදිය යුතු බවයි.

මහා තාරකාව ආපසු ඉල්ලා 6000කට වැඩි පිරිසක් පෙත්සමකට අත්සන් තබා ඇති බව ද විදෙස් මධ්‍ය වාර්තා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More