උතුර නැඟෙනහිර පළාත්වල ජීවත් වන බහුතරය බෞද්ධයන් නොවන බැවින් එම පළාත් දෙක අනාගමික කළ යුතු බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මහ ඇමැතිවරයා මේ බව පවසා තිබේ.
එම නිවේදනයේ මෙසේද දැක්වේ.
ශ්‍රී ලංකාව සම්පූර්ණ බෞද්ධ රාජ්‍යයක් බවට සිදු කෙරෙන ප්‍රකාශන මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමි. යාපනය රාජ්‍යය, වෙරළබඩ රාජ්‍යය උඩරට රාජ්‍යය මේ ආදී වශයෙන් මෙරට බෙදා පාලනය කෙරුණු කාලවකවානුවක් විය.
1833දී නැවත එම රාජ්‍යය පරිපාලනයේ පහසුව පිණිස එකතු කෙරුණි. මේ හේතුවෙන් උතුර නැඟෙනහිර ජීවත් වූ බහුතරය වූ දෙමළ ජනතාව මෙරට සුළු ජාතියක් බවට පත්විය. කෙසේ වෙතත් වර්තමානයෙත් උතුර නැඟෙනහිර බහුතරයක් ජීවත් වන්නේ දෙමළ භාෂාව කතා කරන ජනතාවය.
බි්‍රතාන්‍යයෙන් මෙරට මුළුමනින්ම නිදහස්වීමෙන් පසුව ඔවුන් මෙරට පරිපාලනය භාරදෙනු ලැබුවේ ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස සැලකූ ලාංකික නායකයන්ටය. පරිපාලනය තමන් අතට පත්වෙද්දී ඔවුන් ශ්‍රී ලාංකිකයන් ලෙස කටයුතු කළත් බලය ලැබීමෙන් පසු එම හැඟීම එතැනින්ම අමතක කර දැමූහ. සිංහල, දෙමළ, කඳුකර දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් මේ ආදී ලෙස බෙදීම් ඇති කර ගත්හ. මේ පදනම මත බහුතරය මෙරට නීතිය බහුතරයට එක්තරා ආකාරයකටත්, සුළුතරයට එක්තරා ආකාරයකටත් ක්‍රියාත්මක කෙරුණි. මේ හේතුවෙන් 1949 වසරේදී කඳුකර දෙමළ ජනතාවට ඡන්ද බලයද අහිමි වුණා.
1956 ‘සිංහල පමණයි.’ නීතිය හරහා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් රැසක් උදුරා ගැනුණි. මේ හේතුවෙන් අප ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසස් අධ්‍යාපනයට විශාල බලපෑමක් ඇති විය. අපගේ පාරම්පරික ඉඩම් උදුරා ගැනීමක්ද සිදු විය.
1970 වසරේදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිංහල ජනතාව පදිංචි කිරීම සිදු කෙරිණි. උතුර හා නැඟෙනහිර පළාත්වලට වැඩි වශයෙන් සිංහල පොලිස් නිලධාරීන් අනුයුක්ත කරනු ලැබිණි. ඊට සමගාමීව හමුදාවත් මේ ප්‍රදේශවලට අනුයුක්ත කෙරුණි. උතුරේ තරුණයෝ ආයුධ අතට ගැනීම සිදු වූයේ මෙවැනි පසුබිමකදීය.
යුද්ධය අවසන් වීමත් සමඟම උතුරේ පැවැති බෞද්ධ සිද්ධස්ථාන හැර වෙනත් වෙහෙර විහාරස්ථාන උතුරේ තිබුණේ නැත. එහෙත් මේ වන විට හමුදාවේ මැදිහත්වීම මත උතුරේ එක් එක් ස්ථානවල බෞද්ධ පූජනීය ස්ථාන ඉදි කෙරෙමින් තිබේ. බෞද්ධයන් නොමැති ප්‍රදේශවල පවා මෙම පූජනීය ස්ථාන ඉදිකරන බව දකින්නට පුළුවන.
මේ රට සිංහල බෞද්ධ රටක් යන මතවාදය දැඩිව ඇති වුණේ යුද්ධයෙන් පසුවයි. කෙසේ වෙතත් දක්නට ලැබෙන්නේ ඉතිහාසය වැරැදි ලෙස කියවමින් බොහෝ පිරිස් ශ්‍රී ලංකාව සම්පූර්ණ සිංහල බෞද්ධ රටක් ලෙසට ප්‍රචාරය කරමින් තිබෙන බවයි.
උතුරේ කිසිදු අවස්ථාවක බහුතර බෞද්ධ ජනතාවක් ජීවත් වුණේ නැත. නමුත් බෞද්ධයන් සුළු පිරිසක් ජීවත් විය. අදටත් උතුරේ ඉතිරිව ඇත්තේ ඔවුන් විසින් අතහැර දැමු වෙහෙර විහාරස්ථාන පමණි.
උතුරු ජනතාව කෙරේ බෞද්ධාගම බලෙන් පැටවීමට උත්සාහ කිරීම ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. වර්තමානයේදීත් උතුර හා නැඟෙනහිර වෙසෙන බහුතරයක් බෞද්ධයන් නොවෙයි. එමෙන්ම වර්තමානයේ උතුර හා නැඟෙනහිර පළාත්වල ජීවත් වන බෞද්ධ ජනතාවගෙන් බහුතරයක් වන්නේද විවිධ ආණ්ඩු විසින් විටින්විට එම ප්‍රදේශවල පදිංචි කළ පිරිසකි. මේ හේතුවෙන් මේ රට සම්පූර්ණයෙන්ම බෞද්ධ හෝ සිංහල රටක් කියා කවරකු හෝ ප්‍රකාශ කරනවා නම් මම එය තරයේ ප්‍රතික්ෂේප කරමි.
මේ නිසා උතුර නැඟෙනහිර පළාත් හැර අනෙකුත් පළාත් හතේම බෞද්ධාගම සඳහා ප්‍රමුඛස්ථානය ලබා දුන්නත්, උතුර හා නැඟෙනහිර පළාත් අනාගමික කළ යුතුය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...