බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කිරිම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිසන් සභාවේ නියෝග පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් එම කොමිසමට ලබාදී තිබු ඩීවීඩී තැටි විකෘති කර ඇතැම් සංවාද මකා දමා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිණි ගීයාගම මෙනවිය අද (29) අධිකරණයට පැවසුවාය.
මෙම නඩුවේ දෙවැනි විත්තිකාර අර්ජුන් ඇලොෂියස් මහතාගේ අනුබලය ඇතිව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කසුන් පළිසේන, ප්‍රධාන අලෙවි නිලධාරී නුවන් තිලිණ සල්ගාදු හා ජ්‍යෙෂ්ඨ විකුණුම් නිලධාරී සචිත්ර මධුශංක යන මහත්වරු විසින් එම නීතිවිරෝධි ක්‍රියාව සිදු කර ඇති බව රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥ තුමිය අධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව මකා දමා ඇති ඩීවීඩී තැටි 4 ක් සහ පරිගණක දෙකක් ඇතුළු ඩීවීඩී 8 ක් රජයේ සැක කටයුතු ලේඛන පරික්ෂකවරයා වෙත යොමු කර අදාළ වාර්තා කැඳවන ලෙස අධිකරණයෙන් නියෝග නිකුත් විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...