ඇමෙරිකන් ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් ඇමෙරිකාව තුළ සහ ජාත්‍යන්තර මට්ටමින් සිදු කළ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් ලොවට අනාවරණය කිරීම නිසා ඇමෙරිකාවේ උදහසට ලක් වුණු එඩ්වඩ් ස්නෝව්ඩන්(Edward Snowden) හට රුසියාවේ පුරවැසිභාවය හිමි ව තිබේ.
39 හැවිරිදි එඩ්වඩ් ස්නෝව්ඩන්, එම අනාවරණයෙන් පසු, ඇමෙරිකන් අත්අඩංගුවෙන් බේරී, හොංකොං වෙත පළා ගිය අතර පසුව රුසියාවට පැමිණ එහි ජීවත් වෙයි. ඒ, වසර 9 ක් තිස්සේය.
ස්නෝව්ඩන් ද ඇමෙරිකන් ජාතික ආරක්ෂක ඒජන්සියේ නිලධාරියකු ලෙස කටයුතු කළ අයෙකි. ස්නෝව්ඩන් ඔහුට ලැබුණු රහස් තොරතුරු ප්‍රසිද්ධියට පත් කළේ 2013 වසරේදීය.
ස්නෝව්ඩන්ට පමණක් නොව, ඇමෙරිකාවේ උදහසට ලක් වී, රුසියාවේ ජීවත් වන ඇමෙරිකන් පුරවැසියන් ද ඇතුළු තවත් විදේශිකයන් හැත්තෑ දෙදෙනකුට පුරවැසිභාවය පිරිනැමීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...