පුරවැසි කොලම

පසුගිය සති අන්තයේ, චීන නායක ෂී ජින්පින්ග් හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කර නිවාස අඩස්සියේ තබා ඇති බව පවසමින් තහවුරු නොකළ කටකතා ට්විටර් ගිනුම් හරහා පැතිර ගියේය. සාක්ෂි වශයෙන්, චීනයේ හමුදා වාහන රථ පෙලක වීඩියෝවක්ද එම ට්විටර් පණිවිඩවලට එකතු කර තිබීමද විශේෂත්වයකි.

නමුත් කතාවේ කිසිදු සත්‍යතාවක් නැති බව අනාවරණය වුවද එයට කිසිවෙකු පුදුමයට පත් වූයේද නැත.සැබැවින්ම එය අසත්‍ය ප්‍රවෘත්තියක් විය. නමුත් ප්‍රවෘත්තිය ලොව වටා යාමේ ප්‍රවණතාවය නිසා බොහෝ අය ප්‍රවෘත්තිය අසත්‍යය ප්‍රවෘත්තියක් බව විශ්වාස කළේ නැත.

සමහර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන සහ විශේෂයෙන් ඉන්දියාවේ මාධ්‍ය ද මෙම “ප්‍රලාපය” ඉහළින්ම වාර්තා කළේය.

1990 ගණන්වල චීනය තුළ තහනම් වූ දා සිට චීනය සම්බන්ධයෙන් වරින් වර වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා ප්‍රසිද්ධියට පත් වූ කොමියුනිස්ට් විරෝධී, චීන ගතානුගතික ආගමික කණ්ඩායමක් වන ෆාලුන් ගොං ව්‍යාපාරයට සම්බන්ධ ගිණුම් කිහිපයකට මෙම කටකතාව මූලාශ්‍ර විය.

මෙම සංවිධානය බොහෝ විට ලෝකයේ සමාජ මාධ්‍ය ජාලා වඩාත් ගැඹුරින් හසුරුවන්නෙකු විය හැකිය. එම සංවිධානය ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත තේරී පත්වීම සඳහා ආක්‍රමණශීලී ලෙස තල්ලු කරමින් විවිධ වේදිකා හරහා ගිණුම් දහස් ගණනක් භාවිතා කර ඇති බවත්, එම ක්‍රියාවලිය සඳහා මිලියන ගණනක් වියදම් කර ඇති බවත් වාර්තා වේ. ඒවා විහිළු ලෙස නම් සැලකිය යුතු නොවේ.

චීනයේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ගෙතුනු මෙම සම්පූර්ණ අසත්‍ය කතාව එවැනි වැරදි තොරතුරු ප්‍රචාරනය කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව නොවන අතර එය නිසැකවම අවසාන අවස්ථාවද නොවනු ඇත. ඇත්ත වශයෙන්ම, චීනය සම්බන්ධයෙන් විවිධ වැරදි වැටහීම් සහ අසත්‍ය තොරතුරු ජනප්‍රිය බවට පත්වීම සාමාන්‍ය දෙයකි. සාමාන්‍යයෙන්, එවැනි ප්‍රවෘත්ති වලට සන්දර්භයෙන් බැහැර වීඩියෝ “ක්ලිප්” පවා ඇතුළත් වේ.

එසේ සිදුවන්නේ ඇයි? මක්නිසාද යත් බටහිරයන් චීනය සම්බන්ධයෙන් පවසන ඕනෑම දෙයක් විශ්වාස කරන බැවිනි. තේරුම්ගත නොහැකි සහ “වෙනත්” භයානක යැයි වර ගැන්වූ රටක් ලෙස, චීනය බටහිර ව්‍යාකූලත්වය, අගතිය, ඒකාකෘති සහ අභිරහස් පිළිබඳ නිරන්තරව විෂයය වන රටකි.

සමස්ත චීනයේ ම ජනතාව “අඳුරේ තබා” හෝ “සිදුවන්නේ කුමක් දැයි නොදනිති” යන වැරදි උපකල්පනය සමඟ බැඳි එම ප්‍රවෘත්ති නිර්මානය වේ. මෙම වැරදි තොරතුරු ප්‍රචාරය කරන්නන්ට බොහෝ විට සන්දර්භයෙන් බැහැර වීඩියෝ සුවිශේෂී කාන්දුවීම්, හෙළිදරව් කිරීම් හෝ රහස් අන්තර්ගතයක් ලෙස උත්හර්ෂයට නැංවීමට හැකි වේ.

සමහර පුදගලයන් ඉහත ආකාරයෙන් හැසිරීම මගින් තම වෘත්තිය පාවා දීම පවා කර ඇත. චීන රාජ්‍යය බටහිර ප්‍රමුඛ ලෝකයේ ආධිපත්‍යයට තර්ජනයක් වන බවට ආඛ්‍යානයක් බටහිර මහජනතාවට ආක්‍රමණශීලී ලෙස පෝෂණය කර දේශපාලන බූදලයක් බවට පත් කිරීම නිසා මෑත වසරවල තත්වය වඩාත් නරක අතට හැරුණි.

එබැවින්, සමාජ මාධ්‍ය හරහා චීනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම කිසිසේත්ම අලුත් දෙයක් නොවන අතර, බටහිරයන් ඉලක්ක කරගත් ප්‍රේක්ෂකයින් පිරිසක් සමඟ චීනය සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රවෘත්ති පතුරුවා හැරීමේ වැඩි බලපෑමක්, අවධානයක් සහ අදාළත්වයක් ඔවුන් සොයාගෙන ඇත.

කොවිඩ්19 වසංගතය අතරතුර, බොහෝ අය සැබවින්ම විශ්වාස කළේ චීනය මිනිසුන් නිරෝධායනය කිරීම සඳහා ඔවුන්ගේ නිවෙස්වලට බලහත්කාරයෙන් වෑල්ඩින් කළ බවයි. වරින් වර, සන්දර්භයෙන් පිටත කෙටි “වීඩියෝ ක්ලිප් “යොදා ගනිමින් වැරදි ලෙස නිරූපණය කිරීම දක්වා පහත් තත්වයකට එවැනි කටයුතු වල යෙදෙන්නෝ පත් වූහ..

එහෙත් සමාජ මාධ්‍ය ජාලා සහ බටහිර මාධ්‍ය විශාල වශයෙන් මේ ගැන සැලකිලිමත්ද? නැත්නම් ඔවුන් ඒ ගැන යමක් කිරීමට උත්සාහ කරනවාද? කොහෙත්ම නැහැ. ඔබ ඔවුන්ගේ ආඛ්‍යානය අනුගමනය කරන්නේ නම්, මහා පරිමාණයෙන් වැරදි තොරතුරු සහ අසත්‍යයන් ප්‍රචාරය කරන එකම පුද්ගලයින් ෆලූන් ගොං හෝ ඔවුන්ගේ සෙවන ලබන වෙනත් සංවිධාන පමණක් නොව, ඇත්ත වශයෙන්ම චීනය මෙන්ම රුසියාව ද වේ.

තෝරාගත් රටවල් යක්ෂයන් බවට වර නංවන බටහිර ආඛ්‍යාන ශක්තිමත් කරන අසත්‍යයන් ප්‍රචාරය කිරීමට සමහර ගිණුම්වලට නිදහස ලැබෙන බැවින්,ඕස්ට්‍රේලියානු උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනය (ASPI) වැනි එක්සත් ජනපද රජයේ අරමුදල් මත යැපෙන සංවිධාන සමඟ කටයුතු කරන බව පැවසෙන ට්විටර් ගිණුම් හඳුනා ගැනීමට සහ තහනම් කිරීමට චීන රජය කටයුතු කර තිබේ.

ඒ හා සමානව, වැඩි වැඩියෙන් ගිණුම් “චීනය” හෝ “රුසියාව” “රාජ්‍ය අනුබද්ධ මාධ්‍ය” ලෙස ලේබල් කරනු ලබන අතර, බොහෝ වෙබ් අඩවි අනතුරු ඇඟවීම් සබැඳියාවන්ස මඟ ලේබල් කර ඇත. මෙම ඒකපාර්ශ්වික බලාත්මක කිරීමේ ප්‍රතිපත්තිය බටහිර කේන්ද්‍රීය ලෝකයෙන් “පිටත” ලෝකයෙන් තර්ජනයක් ඇතැයි ව්‍යංගව උපකල්පනය කරයි. එහි මුඛ්‍යාර්ථය ” චීනය සහ රුසියාව පමණක් ඔබව රවටනු ඇත, බටහිර ලෝකය ඔබට විරුද්ධ අය නොවේ.” යන්න බලහත්කාරයෙන් ඔබ තුල පටවනු ඇත.

නමුත් යථාර්ථය ඊට හාත්පසින්ම වෙනස් ය. හාස්‍යජනක සහ සම්පූර්ණ අසත්‍යයක් ට්විටර් හරහා ප්‍රතික්‍රියා කිරීමට කිසිදු උත්සාහයකින් තොරව ජනප්‍රිය වීම මගින් චීනය හා සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් බටහිර මිනිසුන් කෙතරම් පහසුවෙන් නොමඟ යවනවාද යන්නට කදිම උදාහරණයකි.

බටහිරයන් සිතන්නේ ඔවුන් ප්‍රබුද්ධ සහ සත්‍යවාදී අය බවයි, නමුත් එය පැහැදිලිවම “මිතුරෙකු හෝ සතුරා” යන රාමුවට කොටු වී ඇති තාක් කල් ඔවුන් ඕනෑම දෙයක් විශ්වාස කරනු ඇත.මෙවැනි කාරණා වලදී ෆලූන් ගොං වැනි ලබ්ධීන්ගේ දුෂ්ඨ බලපෑම කිසි විටෙකත් බරපතල ලෙස නොසලකයි.

(ටිමුර් ෆොමැන්කො නම් දේශපාලන විශ්ලේෂකයා විසින් rt.com වෙබ් අඩවියට සැකසූ ලිපියක් ඇසුරින් සැකසුනි. පරිවර්තනය ජීවන්ත ජයතිස්ස )



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More