එක්සත් ජනපදය යුක්‍රේනයට අයත් භූමි ප්‍රදේශ රුසියාවට එක් වීමට ඡන්දය පැවැත්වීම නීත්‍යානුකූල නොවන බව සලකන බැවින් එම භූමි ප්‍රදේශ ඉලක්ක කර ආරක්ෂක පියවර ගැනීම සඳහා කියෙව් පාලනයට බටහිර ජාතීන් සැපයූ ආයුධ භාවිතා කිරීමට වොෂින්ටනයට විරුද්ධත්වයක් නැති බව,අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් 27 දා ප්‍රකාශ කළේය.
එක්සත් ජනපදය සහ ඔවුන්ගේ අනුගාමික රාජ්‍යය යුක්රේනයට විවිධ යුද උපක්‍රණ සපයා ඇත. වොෂින්ටනයේදී ඉන්දීය විදේශ අමාත්‍යය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සමග පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඉන්දීයවිදේශ ඇමතිවරයා බ්ලින්කන්ගෙන් විමසා සිටියේ යුක්‍රේනයට එම අවි භාවිතා කරමින් රුසියාවට අයත් ඩොනෙට්ස්ක්, ලුගාන්ස්ක්, සැපොරෝෂි සහ කෙර්සන් යන නගරවල ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට එක්සත් ජනපදයට විරෝධයක් තිබේද යන්නයි.
“රුසියාව විසින් යුක්රේන භූමිය ඈඳා ගැනීම අපි කිසිදා නොකරමු” යැයි බ්ලින්කන් වාර්තාකරුවන්ට පැවසීය. “රුසියාව විසින් එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් නීතිවිරෝධී ලෙස අත්පත් කර ගෙන ඇති භූමි ප්‍රදේශ ආපසු පවරා ගැනීම ඇතුළුව තම භූමිය ආරක්ෂා කිරීමට යුක්රේනයට පරම අයිතිය ඇත. අප සහ තවත් බොහෝ රටවල් සපයන උපකරණ, ආයුධ, එම කාර්ය ඉටු කිරීමට ඉතා ඵලදායී ලෙස යුක්‍රේනය භාවිතා කර තිබෙනවා.”
“ඩොන්බාස් සමූහාන්ඩු සහ කලාප දෙක රුසියාවට “ඈඳා ගැනීම” යුක්රේනයට හෝ එක්සත් ජනපදයට අල්ප මාත්‍රයක හෝ වෙනසක් ඇති කරන්නේ නැහැ”, බ්ලින්කන් අවධාරණය කළේය. “යුක්රේනියානුවන් ඔවුන්ගෙන් ලබා ගත් භූමිය නැවත ලබා ගැනීමට කළ යුතු දේ දිගටම කරගෙන යාවි. ඒ ප්‍රයත්නයට අපි ඔවුන්ට දිගටම සහයෝගය දෙනවා.”
ජුනි මාසයේදී, එක්සත් ජනපදය ප්‍රථම වරට යුක්රේනයට දිගු දුර HIMARS රොකට් කාලතුවක්කු සපයන අවස්ථාවේදී, බ්ලින්කන් පැවසුවේ, රුසියානු භූමියේ ඒවා භාවිතා නොකරන බවට කියෙව් වෙතින් තමාට “සහතිකයක්” ලැබුණු බවත්, “ශක්තිමත් විශ්වාසනීය බැඳීම” නිසා ඔහු ඒවා විශ්වාස කළ බවත්ය.
රුසියානු පාලනය යටතේ පවතින ඩොන්බස්ස්, කෙර්සොන් සහ සපොරොස් ප්‍රදේශ වල සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීම සඳහා කියෙව් පාලනයේ හමුදා එතැන් සිට එක්සත් ජනපදය විසින් සපයන ලද ආයුධ භාවිතා කර ඇත. යුක්රේනය ක්‍රිමියාවට සහ රුසියානු ප්‍රදේශයේ කර්ස්ක් සහ බෙල්ගොරොද්හි මායිම් නගරවලට ද බෝම්බ හෙලීය. ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් නිදහස ප්‍රකාශ කළ අතර කියෙව්හි එක්සත් ජනපදයේ පිටුබලය ලත් කුමන්ත්‍රණයෙන් පසුව ක්‍රිමියාව 2014 මාර්තු මාසයේදී රුසියාවට නැවත එක් විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...