දේශීය පුවත්

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ වන රක්ෂිතයකින්, වසර 1,500 කට වඩා පැරැණි පුරාණ බෞද්ධ විහාරයක නටබුන් සොයාගත් බව ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම බෞද්ධ විහාරයේ නටඹුන් දක්නට ලැබෙන්නේ හින්දු ගොඩනැගිලි නටඹුන් සමූහයක් සමඟ බව ඉන්දීය පුරාවිද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

බෞද්ධ විහාරයේ නටඹුන් හමුවුණු ස්ථානයේ, හින්දු කෝවිල්වල නටඹුන් 26 ක්, ලෙන් 26 ක්, ස්තූප 2 ක්, ශිලා ලිපි 24 ක්, පිළිම සහ ගල් කැටයම් 46 ක් සහ දිය පොකුණු 19 ක් ද ඇතැයි පැවැසේ.

නටඹුන් සොයාගෙන ඇත්තේ බණ්ඩව්ගාර් වන රක්ෂිතයෙනි. මෙම රක්ෂිතය ඉන්දීය ව්‍යාඝ්‍රයන් සඳහා ප්‍රකටය. පුරාවිද්‍යාඥයන් පවසන්නේ, මාස ගණනක ගවේෂණයකින් පසු ඔවුන්ට මෙම නටඹුන් හමු වූ බවයි.

(එන්.ඩී.ටීවී/ඬේලිමේල්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More