දේශීය පුවත්

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ. ටී. අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ මුදල් තැන්පත්කරුවන් අද(30) ඔවුන්ට ලබා දීමට පොරොන්දුව තිබූ මුදල් ලබා ගැනීම සඳහා 11 වැනි වතාවටත් වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයට රැස් වූහ.

තැන්පත්කරුවන් 36,000ක් විසින් රුපියල් කෝටි 3,600 ක් ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ සහ ස්වර්ණමහල් මූල්‍ය සේවා සමාගමේ තැන්පත්කර තිබෙන අතර මාස හතකට අධික කාලයක් තිස්සේ ඔවුන් තැන්පත්කරන ලද මුදල් ලබාදීමට එම සමාගම් අපොහොසත් වී ඇත. මුදල් ලබා දෙන බවට විවිධ දින වකවානු ප්‍රකාශ කර සිටිය ද කිසිවෙකුටත් මේ දක්වා මුදල් ලැබී නැතැයි අද රැස්වූ පිරිස් ප්‍රකාශ කර සිටියහ. එසේම ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් ආයතනයේ හිමිකරුවන් සහ මහ බැංකුව පවසන කරුණු එකිනෙකට පරස්පර බවත් මහබැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසය මෙමගින් කඩවන බවත් තැන්පත් කරුවෝ වැඩිදුරටත් පවසා සිටියි.

තැන්පත්කරුවන් අද දිනයේ රැස්වූ අවස්ථාවේ ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය ද සම්බන්ධවී සිටි අතර එහිදී උනුසුම් තත්වයක් ඇතිව තිබේ.

කෙසේ වෙතත් අද දිනයේ ද තැන්පත්කරුවන්ට හිස් අතින් නිවෙස් බලා යාමට සිදුවිය.

පසුගිය 5 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉල්ලාසිටි මූල්‍ය ආයතන කඩාවැටීම සම්බන්ධ විවාදයේදී මේ පිළිබඳ රජයේ අවධානයට යොමු කළද විසඳුමක් නොමැතිව තැන්පත්කරුවෝ තවදුරටත් අපහසුතාවයට පත්ව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More