හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් නායකත්වය දරණ දෙමළ එක්සත් නිදහස් පෙරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සංධාන ගතවීමට කැමැත්ත පලකර තිබේ.
නෙඵම් මාවත කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ මහතා ඇතුලූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේ දී මේ පිළිබද අවසන් එකගතාවට පැමිණ ඇත.
දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායකයා සමග එහි ප්‍රධාන ලේකම්වරයාද ඇතුලූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙම සාකච්ඡුාවට සහභාගී විය.
මඩකලපුව දිස්ත්‍රික්කය ප්රමුඛව නැගෙනහිර පළාතේ බහුතර දෙමළ ජනතාව තම පක්ෂය සමග සිටින බවත්, එබැවින් නැගෙනහිර පළාතේ බලය තහවුරු කර ගැනීමේ හැකියාව තම පක්ෂය සතු බවත් දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිදරන් මහතා මෙහිදී සදහන් කර ඇත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ලැබුණු සාමය සහ සංවර්ධනය නැගෙනහිර පළාතේ ජනතාව අද ඉමහත් ප්‍රීතියකින් බුක්තිවිදිමින් සිටින බව ඒ මහතා මෙහිදී සදහන් කලේය.
ඊට කෘතගුණ සැලකීමක් ලෙස තමන් සහ තම පක්ෂය සැමදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන වැඩපිළිවෙලට අඛණ්ඩව සහය පල කරන බවයි මුරලිදරන් මහතා වැඩිදුරටත් පැවසීය.
සංජීව එදිරිමාන්න
මාධ්‍ය ප්‍රකාශක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...