චීන සමාගමක් විසින් ඩොලර් මිලියන 7.6ක් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට වියදම් කර ඇති බව ‘‘නිවුයෝක් ටයිම්ස්හි‘‘ ඉන්දීය මාධ්‍යවේදීනි මරියා අභිබබ් වාර්තා කර ඇත්තේ පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශයෙන් ලද තොරතුරු මත යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පසුගියදා පැවසූ අතර අද(01) මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු කියා සිටියේ තමන් එවන් ප‍්‍රකාශයක් නොකළ බවයි.
රන්ජන්ගේ මුල් ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් මරියා අභිබබ් සිය ට්වුටර් ගිණුමේ සටහන් කර තිබුනේ තමන්ගේ වාර්තාවේ මුලාශ‍්‍ර හෙලිකර නොමැති බවත් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමති සමග දුරකථන සංවාදයේදී පැවසූ අදහස් විකෘති කර ඇති බවත්ය.
මේ අනුව රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා ඉතා සුළු කාලයක් තුළ එකම කාරණය වෙනුවෙන් පරස්පර අදහස් ප‍්‍රකාශ කර ඇත. වගකීමකින් තොරව මෙවැනි ප්‍රකාශ සිදු කිරීම පිළිබද මහජන නියෝජිතයෙකු ලෙස ඔහු ලැජ්ජාවට පත්විය යුතු බව සමාජයේ බොහෝ දෙනාගේ මතය වී තිබෙි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...