ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන මැතිවරණයකට පෙර රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත්කර ගැනීමට සියලු උපක්‍රම භාවිතාකරන බව පර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ජාතික ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනා ඇතුළු මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ 70 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මෙම 70 දෙනා ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ 80 දෙනෙකු දක්වා වැඩිකර ගැනීම අපේක්ෂාව බවත් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය නැති කිරීම අපේක්ෂාව බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරනයක් සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුට සහය දක්නව බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...