ආණ්ඩුව තුළ දේශපාලන වශයෙන් ඒකාග්‍රතාවක් ඇති කර එක් න්‍යාය පත්‍රයක් යටතේ කටයුතු කරමින් ජාතික ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා එජාප හා ශ්‍රී ලනිප අතර සාකච්ඡා වටයක් පැවැත්වීමට සූදානම් වයි.
එක් න්‍යාය පත්‍රයක් යටතේ කටයුතු කිරීම එම සාකච්ඡාවල අරමුණ වී ඇත. එජාපය නියෝජනය කරමින් මංගල සමරවීර, අකිල විරාජ් කාරියවසම් සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන්ද, ශ්‍රී ලනිප නියෝජනය කරමින් මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක, විජිත් විජිතමුනි සොයිසා යන අමාත්‍යවරුන් ද සහභාගි වන බව කියැවේ.එවැනි ද්විපාර්ශ්වික සාකච්ඡා මීට පෙරද පැවැති අතර පක්ෂ දෙකෙහි අභ්‍යන්තර අර්බුද නිසා ඒවා මාස කිහිපයක් නොපැවැත්විණි. එහෙත් පක්ෂ දෙකෙහි සමඟිය ආණ්ඩුවේ ස්ථාවරත්වයට අවශ්‍ය නිසා එවැනි සාකච්ඡා පැවැත්වීම යළි අරඹා ඇත. මේ සතිය තුළදී එම සාකච්ඡා ඇරැඹෙන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...