දේශීය පුවත්

රටේ ඉරණම වෙනස් කොට ලිවීමේ හැකියාවදෙමළ ජනතාව සතු බව ආර් සම්පන්දන් මහතා පවසයි. පසුගියදා විග්නේශ්වරන් ලියූ ‘නීදිඅරසර් පෙසුගිරාර්’ කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් සිය දේශනයේදී සම්පන්දන් මේ බව පවසා ඇත.

‘‘ ජනතාවගේ ප්‍රසාදය දිනා සිටිනා නායකයන් බෙදී කටයුතු කිරීම එම ජනතාවගේ විනාශයට හේතු වෙයි. එනිසා අපි සියල්ලෝම එකමුතුව එක් ටැඹක් ලෙස කටයුතු කළ යුතුයි. අප අතර වෙනස්කම් ඕනෑ තරම් තිබෙන්නට පුළුවන්. ප්‍රශ්න තිබෙන්නට පුළුවන්. මේ සියල්ල අප සාකච්ඡා කොට විසදා ගත යුතුයි. අප එකමුතුව නැඟී සිටිය යුතුයි. එක්සත් විය යුතුයි. දෙමළ ජනතාවගේ එකමුතුභාවය ඒ ජනතාවගේ ඉරණම පමණක්ම නොවෙයි. ඒ රටේ ඉරණමද වෙනස් කොට ලිවීමේ හැකියාව තිබෙනවා. අප එය සනාථ කර තිබෙනවා. ඒ හේතුවෙන් ඒ එකමුතුභාවය අප අඛණ්ඩව ආරක්ෂා කර ගත යුතුයි.

බලවත් ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමට ජාත්‍යන්තරය ලංකාවට සහාය ලබා දුන්නා. ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳී තිබෙන ජාතික ගැටලුව විසඳීම සඳහා මැදිහත්වීමත් ජාත්‍යන්තර ප්‍රජාවගේ වගකීමක්.“
දෙමළ ජනතාවගේ ඉල්ලීම් සියල්ල ඉටුකරීමෙන් තොරව ආණ්ඩුවේ ඉදිරි පැවැත්මක් හා ගමනක් නැති බවද ඔහු මෙහිදී අවධාරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More