ශ්‍රී ලංකාවෙ ආර්ථික අර්බුදය විසදන්නනං අයිඑම්එෆ් මැදිහත්වීම ගැන දැන් තියෙන සර්ව සුභවාදී දැක්ම වෙනුවට වඩා විචාරශිලි දැක්මක් මිනිස්සු තුළ ඇතිවෙන්න ඕන. ඒ වගේම මහ බැංකුවෙ ක්‍රියාකාරීත්වය සහ සමස්ත මහ බැංකු ක්‍රමයම මේ අර්බුදය එක්ක ගැටගැහිලා තියෙන්නෙ කොහොමද ආදිය යන්න ගැනත් සාකච්ඡාවක් ඇතිවිය යුතුයි. මහ බැංකුවෙ භූමිකාව ගැන. මහ බැංකුව වඩා ‘ස්වාධීන’ වෙන්න ඕන කියලයි අයිඑම්එෆ් එක කියන්නෙ. නමුත් ඒකෙන් හැගවෙන අනෙක් දේ තමා පාර්ලිමේන්තුව සහ අධිකරණය වැනි රාජ්‍යයේ අනෙක් කොටස්වලට යටත් නොවී මහ බැංකුවට වැඩ කරන්න පුළුවන් වීම.
ලංකාව වගේ රටක මේකෙන් වෙන්න පුළුවන් හොද මෙන්ම නරකත් තියෙනව. ඇත්තටම නරක වැඩිවෙන්න පුළුවන් විශේෂයෙන්ම මහ බැංකු අධිපති අයි.එම්.එෆ් එකේ න්‍යායපත්‍රයෙම ඉන්න කෙනෙක්නං (දැං ඉන්න අධිපති වගේ). මොකද එතකොට අයිඑම්එෆ් එකේ ඒ කන්ඩිෂන් එකෙන් නොකියා කියවෙන්නෙ ‘අපිට තනිකරම රිමෝට් එකෙන් පාලනය කරන්න පුළුවන් මහ බැංකුවක් හදලා’ ඒකට පූර්ණ බලය දෙන්න ආර්ථිකය හසුරවන්න කියලයි. ඒක තමා ඔය ‘ස්වාධීන’ කතාවෙ නොකියා කියවෙන දේ.
මේ දේවල් අද හෙට වෙන පාටක් නැහැ. නමුත් තව අවුරුද්දක් දෙකක් යද්දි බොහෝ විට මිට වඩා මේ ගැන සාකච්ඡාවක් ඇති වෙයි. අයිඑම්එෆ් යෝජනා ක්‍රියාත්මක වෙද්දි. ඒවයෙන් තවත් ආර්ථිකය වැටිල, දුප්පත්කම වැඩිවෙලා, බැංකු අස්ථාවර වෙලා, විරුකියාව වැඩි වෙලා නැත්තට නැති වෙද්දි.
අභියෝගය වන්නෙ ඒ අස්සෙ කැරැල්ලක් නිර්මාණය වෙන එක නවත්ත ගන්න එක. මොකද මේ යන විදියට ලබන අවුරුද්දෙ ආර්ථිකය විනාශම වෙනවා. ඒක නවත්වන්න බෑ සක්කරයටවත්. අයිඑම්එෆ් කොන්දේසි ඒකට බලපානව. ඒක අලුත් දෙයක් නොව අයිඑම්එෆ් කොන්දේසි ක්‍රියාත්මක වූ හැම රටකම වූ දෙයක්.
කැරැල්ලක් හැදුනොත් ඒකෙන් එන සමාජවාදී පාලනය කියන්නෙ දැං තියෙන අවම දේශපාලනික හෝ ආර්ථික නිදහසත් නැති මර්ධනකාරී පාලනයක්. ඒක නවත්ත ගත්තොත් ඒ විනාශයෙන් පස්සෙ හරි නැගිටින්න චාන්ස් එකක් තියෙනවා.
කෙසේ වෙතත් ලංකාවෙ ආර්ථික අර්බුදය ගැන ජනප්‍රිය මතය මේක නොවේ. ජනප්‍රිය මතය තනිකරම රාජපක්ෂ පවුල නිසා මේක වෙච්ච බව. අඩුම තරමින් ලංකාවෙ බැදුම්කර ණය වැඩිපුරම ගත්ත, ලංකාවෙ රාජ්‍ය පුනරාවර්තන වියදම් අහස උසට නංවපු, තෙල් මිල විශාල ලෙස අඩු කරල තෙල් ආනයනය වැඩි කරපු, බලාගාර හදන එක නවත්වපු, රුපියල 30%කටත් වඩා අවප්‍රමාණ කරපු 2015-2019 යහපාලන යුගයවත් ඒකෙ විවේචනයට හසු වෙන්නෙ නැහැ. රාජපක්ෂවරුන්ට මේ අර්බුදයෙ විශාල වගකීමක් යනවා. නමුත් එකම වගඋත්තරකරුවා ඔවුන් නොවේ.
මහ බැංකුවෙ මුදල් අමාත්‍යාංශයෙ ක්‍රියාකාරීත්වය වගේ දේවලුත් මේ අර්බුදයට විශාල ලෙස බලපාල තියෙනවා. 70-77 සමාජවාදී අර්ථ ක්‍රමය වගේම ඊට පස්සෙ මුල්‍ය සහ විනිමය වෙළදපොල ‘පමණක්’ මහ බැංකුව හරහා මධ්‍යගතව පාලනය කරමින් ආනයන විතරක් ලිබරල් කරපු අන්ධභූත ඊනියා ලිබරල් අර්ථක්‍රමයත් මේකට බලපාල තියෙන. ඒ අන්ධභූත ක්‍රමයෙන් අනිවාර්යයෙන්ම වෙළද හිගයක් නිර්මාණය වෙනවා සහ විදේශ ණය බර වැඩිවෙනවා. ඒ අස්සෙ සුබසාධන ආර්ථිකයකුත් අටවන්න ගිහිල්ල ප්‍රශ්නය උග්‍ර කරගෙන තියෙනවා. බදු ආදායමත් ක්‍රමිකව අහිමි කරගෙන තියෙනවා.
දැං මේ සියල්ලම නොසලකා හැරලා හුදෙක් රාජපක්ෂවරු පස්සෙ මරු විකල්ලෙන් පන්නන එකෙන් අර්බුදය විසදෙන්නෙ නැහැ. මේකට විපක්ෂයෙ පක්ෂ, අරගල ප්‍රොපගැන්ඩාව සහ මාධ්‍යත් වගකිව යුතුයි.
-දර්ශණ කස්තුරිරත්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...