ඉරානයේ අභ්‍යන්තර ගැටලු දැඩි කිරීම සඳහා සඳහා අමෙරිකාව අනවශ්‍ය ලෙස මැදිහත් වීමක් සිදුකරන බව එරට ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමෙරිකාවට චෝදනා කරයි.
ඉරානය ඔවුන්ගේම පුරවැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කළ යුත්තේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙන් බවට සඳහන් කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් කළ ප්‍රකාශයක් හේතුවෙන් රට අභ්‍යන්තරයේ අනවශ්‍ය ගැටලුකාරී වාතාවරණයක් නිර්මාණය විය හැකි බව ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකානු ජනාධිපතිවරයාගේ අදාළ ප්‍රකාශයන් තමන් ප්‍රතික්ෂේප කරන බවය.
ඉරානයේ ගැටලු සඳහා අමෙරිකාවේ මැදිහත් වීමක් අවශ්‍ය නොවන බවද ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මෙහි දී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...