පසුගිය ජිනීවා සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරනලද යෝජනා සහ යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විමසීමේදී ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා “ලංකා ලීඩ් නිවුස්” වෙබ් අඩවියට පවසා සිටියේ මෙවර ඇස් වසා කූඨ ලෙස කාරක සභා අවස්ථාවේ දී දහතුන්වන ව්‍යවස්ථාවේ සඳහන් බෙදී වෙන් නොවීමට යොදා ඇති වගන්ති වෙනස් කළද, අපේ යුද විරුවන්ට හෙවත් බාහිර ලෝකෙට යුද අපරාධකරුවන්ට එරෙහිව තිබෙන යුද අපරාධ චෝදනාවලට වෙනත් රටකදී නඩු පැවරීමට ඇති තර්ජනය පහව යන්නේ රුසියාව විසින් යුක්‍රේනය හා නේටෝව සමග තියෙන යුද්ධයෙන් ජයගතහොත් පමණක් බවයි.
ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන් වේ,
මෙවර ජිනීවා අඩම්තේට්ටම්වල රණවිරුවන්ට එරෙහිව අලුත් තරවටුවක් නැහැ. පරණ තරවටුව එහෙමම පවතිනව. එකම වෙනස තියෙන්නෙ 46/1 න් කිව්ව පරිදි මෙවර 46/1 කේ බාහිර යාන්ත්රණයෙන් සොයාගන්නා ලද චෝදනා 30/1 වගේ ඉදිරිපත් කර නොතිබීමයි. ඒ වෙනුවට ඕනෑම රටක අභිචෝදකට හැකියාව තියෙනව එම චෝදනා මානව හිමිකම් සමුළුවෙන් ලබාගන්න.
මෙම තත්ත්වය 30/1 ටත් වැඩිය බොහොම භයානකයි. මෙවර 46/1 සඳහන් පරිදි යුද අපරාධ චෝදනා කාටද තියෙන්නෙ, මොනවද තියෙන්නෙ කියා වාර්තාවක් දුන්නා නම් යහපාලන රජය කරා වගේ එම යුද අපරාධ චෝදනා ප්‍රශංසා මුඛයෙන් පිළිගන්නව වෙනුවට ඊට අභියෝග කරමින් ස්වාභාවික යුක්තිය ඉල්ලන්නට තිබුනා. මානව හිමිකම් කොමිසම මේ අනතුර දැනගෙන තමයි මෙවර එසේ වාර්තාවක් ඉදිරිපත් නොකළේ. දැන් තත්ත්වය අනුව වෙනත් රටකදි අපේ රණවිරුවෙක් අත්අඩංගුවට ගන්න තෙක් ඔහු දන්නෙ නෑ එවන් චෝදනාවක් ඔහුට තියෙන බව.
එසේ පිටරටකදි අත්අඩංගුවට පත්වුණහොත් අපේ අධිකරණයකට ඊට මැදිහත්විය නොහැකියි. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිපාදන රනිල් හා විජේදාස පිළිවෙලින් අගමැති හා අධිකරණ ඇමතිදූර දැරූ යහපාලන රජය කාලෙදි ලබා දී තිබෙනව. එබැවින් රණවිරුවට වෙන්නෙ ඒ රටේ අධිකරණයට මුහුණදෙන්න. එතකොට 13 ප්ලස් දුන්න කියල වැඩක් වෙන්නෙ නැහැ. ශවේන්ද්‍ර සිල්වා මහත්තය නම් මධ්‍යස්ථ දෙමළ ඩයස්පෝරාව එන්ගේජ් කරගනීවි. අනිත් අයට කොහොම වේවිද කියන්න අපහසුයි.
මෙතනදි තවත් යමක් පැවසිය යුතුයි. ව්ජේදාසල ගෙනාව ඔය ඉහත සඳහන්කළ පනත ඒ ලෙසම අනුමත වෙන්න දුන්නනම් අභිචෝදකයෙක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඕනෑම රටක ඕනෑම සංවිධානයකට ඕනෑම තැනැත්තෙකුට එම චෝදනා අධිකරණයකට ගොනුකිරීමේ හැකියාව තිබුනා. එදා ජාතික සංවිධාන උසාවි ගිය නිසා තමයි පනත සංශෝධනය කළේ අභිචෝදකට පමණක් එම බලය පවරලා.
46/1 ගැනත් යමක් පැවසිය යුතුයි. 46/1 න් කළේ රනිල්ල, විජේදාසල, මංගලලගෙ යුද අපරාධ චෝදනා ෆැක්ටරිය හෙවත් අතුරුදහන්වූවන්ගේ කාර්යාලය හරහා කරගන්න බැරිවුන දෙයක් බාහිර යාන්ත්‍රණයක් මගින් සම්පූර්ණ කරගැනීමයි. එහෙම අතුරුදහන්වූවන්ගේ කාර්යාලය මගින් කරගන්න බැරිවුනේ ජාතික සංවිධාන එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතට කරපු කරුණු පැහැදිලි කිරීම නිසයි. මංගල සමරවීර මහතා යටතට එම කාර්යාලය පවරා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදුන්නනම් සමහරවිට ගෝඨාභය මහතාට ජනාධිපති නොවෙන්නත් අනෙකුත් ඉහළ නිල තල දරපු කිසිවෙකුටත් එම නිලතල දරන්න කියා නිදහසේ එළියෙ ඉන්න බැරි වෙන්නත් බොහෝ දුරට ඉඩ තිබුනා. සාක්ෂි පනත හකුලල තමයි ඔය චෝදනා ෆැක්ටරියෙන් චෝදනා ගොනු කරන්න නියමිතව තිබුනෙ.
මෙවර ජිනීව සමුළුවෙ වැඩි බර දාල තිබුනෙ රටේ ආර්ථිකය කඩා වැටීම සහ ඊට අදාල පුද්ගලයින්ට විරුද්ධව නීතිමය කටයුතු කිරීමටයි. රනිල්, විජේදාස, මංගල දමපු උරචක්‍රමාලාව නොනැවතී ක්‍රියාත්මක වෙනව. මේකටත් හේතුව නිසි කළට නිසි පිළිතුර ලබානොදීමයි. රාජපක්ෂලට හොරු කියනවිට ඔවුන් ඊට එරෙහිව කටයුතු නොකළා හා සමානව අජිත් නිවාඩ් කබ්රාල් මහතත් ඔහුට විරුද්ධව එල්ලවන චෝදනාවලට ක්‍රියාමාර්ග ගැනීමට මැලි කමක් දක්වනව. නන්දලාල් වීරසිංහ මහතා කබ්රාල් මහතට විරුද්ධව ලොකු චෝදනාවක් කරා භාණ්ඩාගාරයේ මෙපමණ මුදලක් තියෙනව කියල රටට බොරු කිව්ව කියලා. අද වෙනතුරු කබ්රාල් මහතා එම කාරණය බැහැර කරල නැහැ. එවැනි යම් යම් බැහැර නොකරනලද ප්‍රකාශ පදනම්ව තමයි ජිනීවා සමුළුවේ විවිධ චෝදනා ගොඩනැගිල තියෙන්නෙ. චෝදනා වැරදියි නම් ඒවාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි. එසේ නොකරනතාක් එම චෝදනා එසේම පවතිනවා.
ජිනීව සමුළුවට 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ වෙන්නෙ 13 ප්ලස් දීමට එකඟවීම සමගයි. මෙයත් අලුත් යමක් නොවෙයි. 30/1 හි සඳහන් නිර්දේශයක්. ඒ සියලු නිර්දේශ අභියෝගයකින් තොරව ප්‍රශංසාවෙන් පිළිගත්තෙ රනිල්, විජේදාස, මංගල පිළිවෙලින් අගමැති, අධිකරණ ඇමති සහ විදේශ ඇමති වශයෙන් හිටිය යහපාලන රජ කාලයේ. දැන් එය වෙනස්වී ඇත්තේ මංගල වෙනුවට අලි සබ්රි පැමිණීම පමණයි. රනිල්ලා, විජේදාසලා, මංගලලා ක්‍රියාත්මක කළේ නිවැරදිද බලලා ක්‍රියාත්මක කිරීම සඳහා එවක හිටිය මානව හිමිකම් සමුළුවේ නිත්‍ය නියෝජිත ලෙස හිටිය රවිනාත් ආරියසිංහ මහතා විසින් අත්සන් තබන ලද යෝජනායි. එතුමා විශාල ප්‍රයත්නයක් දරල තමයි එම තත්ත්වයටවත් ඔය චෝදනා හා නිර්දේශවල බර අඩුකර ගත්තෙ. නමුත් කනගාටුයි කියන්න එතුමට නොහැකිවුනා ඉන් ඉදිරියට ගොස් රට හමුවේ සත්‍ය තත්ත්වය හෙළිකර රනිල්, විජේදාස, මංගල ක්‍රියාකලාපය වෙනස් කරන්න. මෙතනදි තමයි අපේ උගත් බුද්ධිමත් කියන පුද්ගලයින්ගේ ලැදියාව පිළිබඳව ප්‍රශ්නය ඇතිවන්නේ. එතුමා රාජ්ය සේවයේ නිරත බැවින් එතුමාට රජයට විරුද්ධව කට ඇරිය නොහැකියි කියන මානසික බාධකය තදින්ම බලපෑව.
13 ප්ලස් දීම 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමක් නොවෙයි. මෙතන අපේ කඳවුරත් වැරදියට සඳහන්කරනව 13 වන ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමක් කියල. ඒක වැරදි අර්ථකථනයක්. 13 වන ව්‍යවස්ථාව දැන් සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරල තියෙන්නෙ. දැන් මේ විජේදාස මහතා කාරක සභා අවස්ථාවේ පක්ෂවලින් කරන ලද යෝජනා ලෙස රිංගවීමට බලාගෙන ඉන්නේ 13 වන ව්‍යවස්ථාවෙන් නොදුන්න, ඉන්දියානු ප්‍රාන්තවල ඇති බලතල ද ඉක්මවා යා හැකි බලතල ප්‍රමාණයක් 22 වන ව්‍යවස්ථාවට රිංග වීමටයි. එතුමා ඊට පෙර වතාවල එසේ කර තිබෙන බව ජේශ්ඨ නීතිඳ කල්යානන්ද තිරාණගම මහතා ග්රන්ථ දෙකක සඳහන්කර ප්‍රකාශ කර තියෙනව. එබැවින් මෙවරත් එම සංසිද්ධියම සිදුවෙන්න ඉඩ තියෙනව. දැනට පවතින ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාවට පහසුවෙන්ම වෙනස්කම් සිදුකල හැකියැයි හඳුනාගෙන තිබුනත් යූඑස් ඒඩ්, පාත්ෆයින්ඩර්, බෝන් අගේන් ආදී උදව් දෙන කණ්ඩායම් වලින් ඊට වෙනස් ආකාරයට වඩා සියුම්ව වෙනත් වෙනත් ව්‍යවස්ථාවන් කෙරෙහි බලපෑම් සිදුවෙන ආකාරයට එම කූඨ උපක්‍රම භාවිතා කිරීමට ඉඩ තියෙනවා. මෙවර ජිනීවා වලදි ඉන්දියානු නියෝජිතයත් පවසා සිටියෙ 13 ට එහා ගිය බලය පැවරුමක් තමයි.
පසුගිය අරගල කාලයේ හමුදා නායකත්වය විධායකයේ අණ ක්‍රියාත්මක නොකර හිටියේ ඔය කියන මානව හිමිකම් තර්ජන නිසා. මානව හිමිකම් කෙවිට පෙන්වා ඉතා පහසුවෙන් හමුදා නායකත්වය මෙල්ලකර ගත්තා. ඔවුන්ට දී තිබෙන කැරට් අලය තමයි මධ්‍යස්ථ ඩයස්පෝරාව එන්ගේජ් කරගන්න බලය බෙදන්න ඉඩදෙන්න කියන එක. නමුත් ඔවුන්ට එසේ බලය බෙදීමෙන් පසුවද යුද අපරාධ චෝදනා වලින් ගැලවිමට හැකියාවක් නැහැ. අපි දුටුව ගෝඨාභයට විරුද්ධව සිංගප්පූරුවේ අභිචෝදකට යස්මින් සූකාගේ අයි.ටී.ජේ.පී සංවිධානය පැමිණිලි කරනව. රට සිංගප්පූරුව නොවුනා නම් සිදුවන්නේ කුමක්දැයි බලා ගැනීමට ඉඩ තිබුනා. ඇමරිකාවට යෑමට තිබුන අදහස අතහැරීමට ගෝඨාභයට සිදුවුනේ එම බලපෑම වෙන්නත් ඉඩ තියෙනවා.
දැන් රණවිරුවන්ගේ අනාගතය ඔවුන්ටම විසඳගන්න දීල ඉවරයි. යම් හෙයකින් රුසියානු, යුක්‍රේන නේටෝ සටනින් රුසියාව දිනුවොත් ඔය කියන එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිසම ආදියේ සංයුතිය හා දර්ශණය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නොවී වර්ල්ඩ් ඉකොනොමික් ෆෙඩරේෂන් එක සැළසුම් කර ඇති ආකාරයට යූඑන් එකද පබ්ලික්-ප්‍රයිවට් පාට්නර්ශිප් තියෙන තත්ත්වයට පත්වුනොත් රණවිරුවන් පමණක් නොවෙයි රටම බාහිර ග්‍රහණයට නතුවෙනව. එයින් යම්කිසි දුරකට හෝ මිදීම සඳහා යෝජිත 22 වන ව්‍යවස්ථාව ජනපති බලය අඩුකිරීම නොව රට ඒකීයව පවත්වාගැනීමට නොහැකිවන ලෙස බලය බෙදන තැනකට ඉඩ නොදීම ජාතිමාමක සියලුම මැති ඇමතිවරුන්ගේ වගකීමක් හා කාර්යභාරයක් වෙනව.
එසේ කියා 13 වන ව්‍යවස්ථාවේ ඇති රට බෙදන තර්ජනය ඉවත්වූවා යැයි සැනසුම් සුසුම් හෙළිය නොහැකියි. බෙදුම්වාදීන්ට පක්ෂ ජනපතිවරයෙකුට රට බෙදාදීමට තියෙන හැකියාව පවතින බැවින් 13 වන ව්‍යවස්ථාවෙන් තොර විධායක ජනාධිපති බලයකින් තොර අලුත් ව්‍යවස්ථාවක් ඇතිකළ යුතුයි. ඒ සඳහා දුන්නා වූ ජනවරම ක්‍රියාවට නැංවීමට ගෝඨාභය අසමත් වුනිද එම ජනවරම තවමත් අහෝසි නැති බව මානසික බාධක වලින් මිදී සිතන්නේ නම් පැහැදිළිව දැකගත හැකිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
It is Empire India projects against us Sinhalese. We were able to defeat Indian terrorist arm LTTE. So India will never forgive us and will continue genocide of Sinhalese. The British are pawns of India today. The ego centric impotent British are handled by Indians. There is not a Single British voter in India but British politics are in the hands of Indians..