බ්‍රිතාන්‍යයේ ආර්ථික දැඩි අර්බුදයක් අබියස පවතින බව ලොව පුරා ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන පසුබිමක එරට උද්ධමනය සියයට 10.1ක් ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ගෙවුණු වසර 40 තුළ එරටට බලපෑ වැඩිම උද්ධමන ප්‍රතිශතය මෙය වන අතර, බ්‍රිතාන්‍ය තුළ භාණ්ඩ මිල කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින බවද විදෙස් මාධ්‍ය සදහන් කරයි.
එය ගෙවුණු වසර 40 තුළ වාර්තා වූ වැඩිම ජීවන බර ඉහළයාමේ සීඝ්‍රතාව ලෙස ද සැලකේ.
ලීස් ට්‍රස් අගමැතිනියගේ නව රජය සිදුකළ බදු කප්පාදුවත් සමග බ්‍රිතාන්‍ය ආර්ථිකය දැඩි අස්ථාවර තත්ත්වයකට පත්වූ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ස්ටර්ලින් පවුමේ අගය කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වීමක් ද වාර්තා වුණි.
මේ අතර අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මුහුණ දී සිටින අර්බුදය තවත් උග්‍ර කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ ඇයගේ පුද්ගලික විද්‍යුත් තැපෑල මගින් පණිවිඩයක් යැවීමෙන් ප්‍රොටොකෝල කඩ කළ බව පිළිගනිමින් සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් මෙසේ ඉල්ලා අස් වී තිබේ.
නව ස්වදේශ කටයුතු අමාත්‍ය වරයා ලෙස ග්‍රාන්ට් ෂැප්ස් පත් කිරීමට අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මේ වන විට කටයුතු කර තිබේ.
ඒ අනුව දින 5 ක් ඇතුළත මුදල් අමාත්‍යවරයා සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරිය සිය ධුරයන්ගෙන් ඉල්ලා අස් වී ඇති පසුබිම තුළ අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් දැඩි අර්බුදයකට මුහුදී සිටින බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...