දේශීය පුවත්

සිරප් හා දියර ඖෂධ පානයෙන් ඉන්දුනීසියාවේ දරුවන් 100කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීමත් සමග එරට බලධාරීන් සියලුම සිරප් වර්ග සහ දියර ඖෂධ අලෙවිය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඉන්දුනීසියාවේ දරුවන්ගේ මරණවලට හේතු වූ බවට සැකකෙරෙන ඖෂධය ආනයනය කළ එකක්ද දේශීයව නිපදවූ එකක්ද යන්න තවමත් තොරතුරු අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

ඉන්දුනීසියාවේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ආසාත්මිකතාවලට ලක්වූ දරුවන් 200ක් පමණ වාර්තා වී ඇති බවත්, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු වයස අවුරුදු 5ට අඩු බවත්ය.

මෙම සිදුවීම වාර්තාවන්නේ ගැම්බියාවේ කැස්ස සිරප් වර්ගයක් හේතුවෙන් දරුවන් 70කට ආසන්න ප්‍රමාණයක් මියයාම සිදුවී සති කිහිපයකට පසුව වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් ගැම්බියාවේ භාවිත කළ ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් වර්ගය ඉන්දුනීසියාවේ භාවිත නොකළ බව එරට බලධාරීහු පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More