බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිස් ට්‍රස්ගේ ඉල්ලා අස්වීමට මූලික වශයෙන් හේතුව ලෙස දැක්වෙන්නේ බදු කපා හැරීමේ වැඩසටහන හේතුවෙන් බ්‍රිතාන්‍ය මූල්‍ය වෙළෙඳපොළ දැඩි කම්පනයට ලක් වීමෙන් රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමත්, පාලක conservative පක්ෂය තුළ මෙම සිදුවීමෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වීමත් ය.
සිය නිල නිවහන ඉදිරිපිට දී ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් අගමැති ලිස් ට්‍රස් සඳහන් කළේ පක්ෂ නායකත්වයට පත්වන විට තමා වූ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ බැවින් සහ පක්ෂය තුළ තමා පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති බැවින් මෙම තීරණයට එළැඹි බවයි.
අග්‍රාමාත්‍ය ධුරයට පත්වී දින 45ක් වැනි කෙටි කාලයකින් මෙලෙස ඇය ඉල්ලා අස්වීම විශේෂත්වයක් වන අතර, කෙසේ වුවත් නව පක්ෂ නායකයෙකු තෝරා ගන්නා තුරු තමා ධුරයේ රැඳී සිටින බව ද අගමැතිනි ලිස් ට්‍රස් සඳහන් කර ඇති බව ද වාර්තා වේ.
මෙම අර්බුදකාරී වාතාවරණය තුළ බ්‍රිතාන්‍යෙය් විපක්ෂය වන කම්කරු පක්ෂය වහා මහා මැතිවරණයක් පවත්වන ලෙස conservative රජයට බල කරමින් සිටින බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...