දේශීය පුවත්

බ්‍රිතාන්‍ය අගමැතිනී ලිස් ට්‍රස්, පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමෙන් පසුව බ්‍රිතාන්‍යයේ පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැත්වෙන තරගයේ හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුන්ක් ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයිි.

ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික රිෂී සුනාක්ට අභියෝගයක් එල්ල වී ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 දෙනකුගේ මනාප යම් අපේක්ෂකයකුට හිමිවන්නේ නම්, එම අපේක්ෂකයාට සෘජුව පක්ෂ නායකත්වය හිමිවෙයි. බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය.

ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික රිෂී සුනාක්, ඉදිරියෙන් පසුවන්නේ ඔහුට මන්ත්‍රීවරුන් 122 දෙනකුගේ සහාය හිමිවී ඇති බැවිනි.

‘කොන්සවර්ටිව්’ පක්ෂයේ සියලු සාමාජිකයන් ගණන 357 කි. හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට ලැබී ඇත්තේ මන්ත්‍රීවරුන් 53 දෙනකුගේ සහාය පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More