දේශීය පුවත්

චීනයේ ජනපති ලෙස තුන්වන ධුර කාලය සඳහා ද ක්ෂී ජින්පින් පත්වී තිබේ.

පසුගිය සතිය පුරාවට ‘කොමියුනිස්ට්’ පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රස් සමුළුව, පක්ෂ සාමාජිකයන්ගේ සියලු දෙනාගේ ප්‍රධානත්වයෙන් බෙයිජීං අගනුවර මහජන ශාලාවේ පැවැත්විණි.

එම සමුළුව ඊයේ (22) අවසන් වූ අතර, එහි දී පක්ෂ සභාපති ධුරය සඳහා මෙන්ම චීනයේ ජනාධිපති ධුරය සදහා ද ක්ෂී ජින්පින් යළි තෝරා ගැනීම සිදුවූ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ඊට අමතර, පක්ෂයේ තීන්දු තීරණ ගන්නා මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ලෙස තෝරා පත් කර ගැනීම ද සිදුවූ බවත්, ඔවුන් සියලු දෙනා ක්ෂී ජින්පින්ගේ හිතවාදීන් බවත් වාර්තා වේ.

මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ගණන 200 කට වැඩිය. ඔවුන් සියලු දෙනාට වඩා ඉහළින් සිටින්නේ පක්ෂ සභාපති ක්ෂී ජින්පින්ය. කාන්තාවන් කිසිවකු මෙම සාමාජිකයන් අතර නැති බව ද සදහන්ය.

මාවෝ සේතුන් ජනාධිපතිවරයාගෙන් පසු වැඩිම බලයක් හිමි වූ චීන නායකයා ලෙස වත්මන් ජනාධිපති ක්ෂී ජින්පින් සැලකේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More